අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.
sri guanguan ස්වාමින් වහන්සේ ප්‍රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
Loading...