ISIS ත්‍රස්‌තවාදීන් සමඟ සබදතා පැවැත්වූ කටාර් රාජ්‍යය ලෝකයෙන් කොන්වෙයි

Spread the love

අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යය සඳහා උදව් උපකාර ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දැමීමට ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණය කළේය.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති.

සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව මෙලෙස කටාර් රාජ්‍යය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවනු ලැබූ රටවල්ය.

මෙසේ කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන අතර සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇත.

ඒ සමාගම එටිහාඩ් ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කර ඇත.

RSL

Related Posts