වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට බන්ධනාගාරගතව සිට කොළඹ මහාධිකරණයෙන් අැප හිමි වූ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප කොන්දේසි සපුරා අද පිටව ගියේය.
මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ ඇප තැබීම සිදුවිය.
ශරීර ඇප කරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූහ. ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැන්පත් කෙරණි.
අනුර සේනානායකට මෙලෙස ඇප ලැබුණේ වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතුරුවය. මීට පෙර දිගින් දිගටම ඔහු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
Loading...