හර්ෂ අද බැඳුම්කර කොමිසමේ..

Spread the love

එක්‌සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

සති දෙකකට පසු කොමිසම අද රැස්‌වන අතර විනිසුරුවරයකුගේ විදෙස්‌ගතවීම නිසා කොමිසම සති දෙකක කාලයක්‌ රැස්‌ නොවිණි.

කෝප් වාර්තාවේ පාද සටහන් ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසනු ඇතැයි ද දැනගන්නට ඇත.

මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වසන්ත ද අල්විස්‌ මහතා ද අද වැඩිදුර සාක්‍ෂි දීමට නියමිතය.

අද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොමිසම හමුවට කැඳවා ඇතැයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ද තහවුරු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්‌වන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති පී. කන්දසාමි යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

RSL

Related Posts