හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!

ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි. ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් …

Continue Reading

තව නව බදු! රාජ්‍ය ආයතනද විකිණෙයි!!

පසුගිය දා අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් බදු වර්ග කිහිපයක් හදිසියේ ඉහළ දැමීමට කටයුතු කළේ ය. කිසිදු ආර්ථික පෙර දැක්මකින් තොරව බදු වලින් පමණක් ගොඩ යන්නට සැලසුම් කළ අය-වැයක් නිසාවෙන් වසර මැද දී අය-වැය පරතරය ඉහළ ගොස් රට අර්බුදයට යාම අනිවාර්යෙන් සිදුවන්නකි. ජාතික ආදායමටත් වඩා කෝටි 17900ක් ණය ගෙවීමට මේ වන විට වැය වන බව දැනගන්නට ඇත. මේ සියලු අර්බුදවලට …

Continue Reading

රනිල්ගේ ඉන්දියානු ප්‍රේමය ඇයි?

සාමාන්‍යයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ නව ලිබරල්වාදය කෙරෙහි නැමුණු දැක්මක් සහිත පාලකයෙක් ලෙස ය. එසේ ම ඔහුගේ ඉතිහාසමය භාවිතවා පෙන්වා දෙන්නේ ද රනිල් යනු බටහිර රටවල් කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන නායකයෙක් බව ය. එසේ වුවත්, යහපාලන ආණ්ඩුව පත් වුණු දා සිට කරළියේ කතා-බහ ඇතිව තිබෙන්නේ, ඉන්දියානු-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමක් ගැන ය. වෙළඳ සහ සේවා අංශයෙන් දෙරට අතර නිදහස් ගිවිසුමක් …

Continue Reading

මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට!

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහ බැංකු අධිපතිවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි. යහපාලන රජය යටතේ මහ බැංකු අධිපතිවරයා බවට පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මේ චෝදනාවට ලක් වූ අතර ඔහුගේ පුත්‍රයාට අයත් සමාගමක් ද මේ හා සම්බන්ධ බව කියවිණි. වත්මන් කෝප් කමිටුවේ සභාපතිත්වය දරන්නේ, …

Continue Reading

ජන විරෝධය නොතකා ETCA අත්සන් තැබෙන ලකුණු!

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ කිසිදු විරෝධයක් නොතකා ETCA ගිවිසුම අත්සන් කරන්නට යන බව යි. බොහෝ ක්ෂේත්‍රවල මේ සම්බන්ධයෙන් වන විරෝධය පැන නැගී ඇති අතර යහපාලන මූලධර්මවලට අනුව නම් මෙවැනි විවාදාපන්න තත්වයක දී යම් කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පුළුල් මහජන කතිකාවක් ඇති විය යුතු ය. මෙලෙස අත්තනෝමතිකව ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරන්නට උත්සාහ දැරෙන්නේ ඇයි දැ …

Continue Reading

දෙරණේ මාධ්‍ය භාවිතය පහත්! එහෙත් අගමැති එන්නෙ මොකාට ද?

දෙරණ මාධ්‍ය ජාලය දිලිත් ජයවීරලාට අයත් ය. එය මහින්ද රාජපක්ෂගේ සට්ටඹියන් ලෙස වැඩ කළ සහ වැඩ කරන එකකි. මහින්ද පාලන කාලයේ දිලිත්ලාගේ කටයුතු ගැන ද පසුගිය කාලයේ කතා බහට ද ලක් විය. එහි නිවේදකයින්ගෙන් එන්නේ ඔවුන්ගේ ස්වාමින්ගේ හඬ බවට ද සැකයක් නැත. දැන් මාර ම මාර විදිහට ජනතාවාදී ව හිටගෙන රජයේ දේවල් විවේචනය කරන චතුරලා, සංඛලා මහින්ද පාලන කාලයේ සිදු …

Continue Reading

විදේශ සේවය පරණ පාරේ ම?

ඊයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා, මින් පසු විදෙස් තානාපති සේවයට පත් කරනු ලබන්නේ දේශපාලන හේතූන් මත බව පවසා ඇතැයි වාර්තා වෙයි. මේ හා සමාන ම ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ද කළේ ය. ජ.වි.පෙ නායකයා එයට බරපතළ විරෝධය පළ කළ අතර විදේශ සේවය එ.ජා.ප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් පුරවනවා යැ යි ද චෝදනා කළේ ය. කෙසේ …

Continue Reading