විදේශ සේවය පරණ පාරේ ම?

Spread the love

Ranil new_CIඊයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා, මින් පසු විදෙස් තානාපති සේවයට පත් කරනු ලබන්නේ දේශපාලන හේතූන් මත බව පවසා ඇතැයි වාර්තා වෙයි. මේ හා සමාන ම ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ද කළේ ය. ජ.වි.පෙ නායකයා එයට බරපතළ විරෝධය පළ කළ අතර විදේශ සේවය එ.ජා.ප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් පුරවනවා යැ යි ද චෝදනා කළේ ය.

කෙසේ වෙතත්, මේ විදෙස් සේවය සම්බන්ධව සිදුකෙරන අගමැතිවරයාගේ ප්‍රකාශය හා ඒ සමග බැඳුණු ක්‍රියාවලිය යහපාලනයට කිසිසේත් තරම් නොවන බව අප මීට පෙරද ප්‍රකාශ කළෙමු.

කැඩී ගිය පෙම් සබඳතාවලට හිලවු ලෙස වියෝගී පෙම්වතියන් විදෙස් තානාපති සේවයට යැවූ රාජපක්ෂ රෙජිමය ජනයා විසින් පළවා හැරියේ දියුණු විදෙස් සේවයක් ද ලැබෙති යන විශ්වාසයෙන් බවට සැකයක් නැත. මෙවැනි තීන්දු ගන්නට ජනවරමක් ලැබී නැති බව අගමැතිවරයා හිතට ගත යුතු ය.

RSL

Related Posts