උඩුවේ හිමිට හෘදයාබාධයක්!

Spread the love

uduwe-dammaloka-theroපසුගිය රජය කාලයේ හරි හරියට කෙරුණු ජාවාරමකි, නීති විරෝධී අලි පැටව් ජාවාරම. වන ජීවින් සම්බන්ධ ඇමතිවරයාගේ සිට සියලු ආයතන ඇස් කන් වසා සිටිය දී කැලෑවේ සද්ධන්ත මවුන්ගෙන් දරු පැටියන් වෙන් කරවා විකුණා දැමීම ජයට සිදු විය. වන ජීවි දෙපාර්තමේන්තුවේ අලින් ගණන් තබාගෙන සිටි පොත පවා අස්ථානගත විය. මෙලෙස අලින් නීතිවිරෝධිව ලඟ තබා ගැනීම ගැන බොහෝ දෙනෙක්ට චෝදනා එල්ල විය. බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙක් ද ඒ අතර විය. තිළිණ ගමගේ නම් මහේස්ත්‍රාත්වරයාට ද ‍මේ පිළිබඳ චෝදනා එල්ල විය.

කිරුළපන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ රඳවා සිටි අලි පැටවා සම්බන්ධයෙන් කිසිදු නෛතික ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට උඩුවේ ධම්මාලෝක හිමියන්ට හැකියාවක් තිබී නැත. කෙසේ වෙතත් ප්‍රකාශයක් සටහන් කරගැනීමට 13 වැනිදා එහි ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ඒ හිමියන් පවසා ඇත්තේ තමාට හෘදයාබාධයක් වැළඳ ඇති බව යි. එම නිලධාරින් එහිමියන් නවලෝක රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් එයට පෙර දිනයක නවලෝක රෝහලේ කාමරයක් ඒ හිමියන් වෙන කර තිබුණු බව ද ආරංචි පළ වෙයි.

අවිහිංසාවාදී දහමක් වන බුදු දහමේ මූලික කොන්දේසිවලට පවා පටහැණි මෙවැනි ක්‍රියා බෞද්ධයන් අනුමත කරනවා දැ යි ගැටළුවකි.

Loading...

RSL

Related Posts