මහින්ද බළලුන් ලවා කොස් ඇට බෑම අරඹයි

Spread the love

mahinda-lookපසුගිය ජනාධිපතිවරයෙන් සහ මහමැතිවරණයෙන් පිට පිට දෙවතාවක් අති බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේපව පරාජයට පත්වූ පර්සි මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට පරාජයට පත්කිරීම සඳහා තමා වටා දැනට ඉතිරිව ඇති දේශපාලන බළලුන් ටික මල්ලෙන් එළියට හලා ඇත. කල් ඉකුත් වූ පළාත් පාලන ආයතනවල යන එනමක් නොමැතිව ඉතිරිවී සිටින මහින්දගේ බළල් පැටවුන් පිරිස අද වන විට මාධ්‍ය හමු පවත්වමින් මහින්ද වෙනුවෙන් කොස් ඇට බෑම අරඹා ඇත.

මේ වන විට නාගරික කොමසාරිස් වරු යටතේ මනාව පාලනය වන නගර සභා පෙර පාලනය කළ මහින්දගේ නගරාධිපතිවරු එක්ව පාරවල්වල නැති කුණු ඇදීමටත්, කණුවල ලයිට් සවිකිරීමටත් දැඩි උනන්දුවකින් පෙනී සිටිති.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කල්ලිය දිගින් දිගටම කියා සිටියේ, පැරදුණු මහින්ද යළි යළිත් අවශ්‍ය බවත්, එම නිසා ඉදිරියේදී මහින්දගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට වෙනම පක්ෂයකින් පැමිණෙන බවත්ය.

ඒ අනුව මෙතෙක් ජාතික තලයේ දේශපාලනය කළ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මින් පසු හන්දියක් හන්දියක් ගානේ ජනතාව ඇමතීමටත්, කුණු ප්‍රශ්න, බෝක්කු ප්‍රශ්න, විදී ලාම්පු ප්‍රශ්න විසඳීමට නායකත්වය ලබාදීමට නියමිතව ඇත.

දිනෙන් දින හෙළිවන මහින්ද සහ රාජපක්ෂ පවුල් සමාගම විසින් සිදුකරන ලද දූෂණ වංචා, මිනී මැරුම් සහ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් යනාදිය පිළිබඳ පරීක්ෂණ යටපත් කරගැනීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝගයක් සහ පීඩනයක් එල්ල කිරීමත් අරමුණු කොට මහින්ද තම දේශපාලන සැලැස්ම මෙහෙයවමින් සිටී. එහෙත් අවාසනාව වන්නේ දෙවරක් රටේ ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ දැනුවත්ව හෝ නොදැනුවත්වම ජනතාවගේ දුවිල්ලක් බවට පත්වෙමින් අභාවයට යෑමයි

RSL

Related Posts