රනිල්ගේ ඉන්දියානු ප්‍රේමය ඇයි?

Spread the love

Ranil new_CI

සාමාන්‍යයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ නව ලිබරල්වාදය කෙරෙහි නැමුණු දැක්මක් සහිත පාලකයෙක් ලෙස ය. එසේ ම ඔහුගේ ඉතිහාසමය භාවිතවා පෙන්වා දෙන්නේ ද රනිල් යනු බටහිර රටවල් කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන නායකයෙක් බව ය.

එසේ වුවත්, යහපාලන ආණ්ඩුව පත් වුණු දා සිට කරළියේ කතා-බහ ඇතිව තිබෙන්නේ, ඉන්දියානු-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමක් ගැන ය. වෙළඳ සහ සේවා අංශයෙන් දෙරට අතර නිදහස් ගිවිසුමක් ඇති කිරීමෙන් අප රටට බරපතල පාඩු ඇතිවිය හැකි බව විද්වත් මතය වුවත් අගමැතිවරයා ප්‍රමුඛ රජය සිටින්නේ ඒ ගැන නෑසූ කන් ඇති ව ය. සේවා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සේ ම බොහෝ අය මෙයට විරුද්ධව ක්‍රියා මාර්ග ගත්ත ද අගමැතිවරයා දරදඬු ලෙස කියා සිටින්නේ මෙය කවුරුන් විරුද්ධ වුව ද අත්සන් කරන බව ය.

අගමැතිවරයාගේ මේ අහේතුක ඉන්දියානු ප්‍රේමය ඇති ව තිබෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බව දැනගන්නට ඇත. ණය ආධාර ලබා ගැනීමට නම් ඉන්දියාව සමඟ වන මෙම ගිවිසුම අත්සන් කළ යුතු බවට බලපෑමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබී ඇතැයි ක්ෂේත්‍රයේ තතු දත් අය මත පළ කරති. කලාපයේ දැවැන්තයා වන ඉන්දියාව දැන් අතීතයේ මෙන් නොව සිය කටයුතු කෙරෙහි මූල්‍ය අරමුදල පවා නම්‍යශීලි කරගෙන ඇති බව පෙනී යයි. අනෙක් අතට ඉන්දියාව වැනි දැවැන්තයෙක් අමනාප කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට බටහිර රටවලට කිසිදු වුවමනාවක් තිබිය නොහැකි ය.

RSL

Related Posts