අකිල විරාජ්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?

Spread the love

akila

අකිල විරාජ් මේ දිනවල වඩාත් කතා-බහට ලක් වූ දේශාලනඥයා ය. කුලියාපිටිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ආ අකිලට, කිසිදු සාධාරණ කොන්දේසියකින් තොරව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ ය. මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් රෝගය බෝ වෙන බවට අකිල මහා සොයාගැනීමක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට කරනු ලැබුවේ, පසුගිය දිනක ය. මේ සියල්ල පැරණි කතා ය. අමතක කරලමු පැරණි කතා කිව්වාට මේවා අමතක කරලා බැරි ය.

මෙවැනි ගොන් වහන්සේලා ගැන කතා කරමින් මතක් කරමින් ජනයාට ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටීම අපේ වගකීම ය. කවුරුත් දන්නා පරිදි මහ ලොකු අධ්‍යාපන ඇමැතිවරයාට කුලියාපිටියේ අසාධාරණයට ලක් වූ දරුවාට පාසලක් ලබා දෙන්නට නොහැකි විය. ත්‍රිත්ව විද්‍යාලයෙන් එම අවස්ථාව ලබා දුන් පසු ඉතා ම නිර්ලජ්ජිත ලෙස එයින් ලකුණු ලබා ගන්නට උත්සාහ දරන ඇමැතියා නටන්නේ මොනර නැටුමකි. පස්ස එළියේ ය.

අකිලගෙන් ඇසිය යුත්තේ, ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? කියා ය!

RSL

Related Posts