උඩුවේ හිමිට තවත් නඩු!

Spread the love

uduwe 2

වංචනික ලෙස වන අලියෙක් ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ, පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි ඊයේ අත්අඩංගුවට පත් විය. අපි තවදුරටත් හෙළි කරනු ලැබුවේ, ඒ හිමියන් අලි රොෂාන් නමැත්තාගේ අලි ජවාරමට ද හවුල් වෙමින් පොල්හේන්ගොඩ තම අසපුව අලි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවයි.

එහිමියන්ගේ තවත් අනීතික කටයුත්තක් පිළිබඳව දැන් නීත්‍යානුකූල පියවර ගනිමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. සියම් නිකායේ පැවිදි උපසම්පදාව ලත් උඩුවේ හිමියන් අමරපුර නිකායට අයත් ඇලන් මැතිනියාරාමය පවරා ගැනීම ගැන මෙලෙස කටයුතු කෙරන බව වාර්තා වෙයි. අමරපුර නිකායේ අනු නායකත්වයක් දරන කොළොන්නාවේ සිරි සුමංගල හිමියන් මේ නඩු කටයුත්ත සඳහා මුදල් පවා ප්‍රදානය කර ඇතැ යි වාර්තා වෙයි.

අලි හොරකමට වඩා ලොකු පන්සල් හොරකමක් පිලිබඳ තතු නුදුරේදී ඒ අනුව හෙළි වනු ඇති.

RSL

Related Posts