‘මෛත්‍රී-මහින්ද’ සන්ධානයට එරෙහි චන්ද්‍රිකාගේ එජාප කොන්ත්‍රාත්තුව දැන් වේදිකාවේ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ගොඩනැගෙන සන්ධානය බිඳහෙලීම සඳහා ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය නම් වූ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බවට අප “රීඩ් ශ්‍රී ලංකා” තුළින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර සිටියෙමු. එහි කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ මාධ්‍ය හමුපවත්වන අදියරේ ක්‍රියාත්මක අතර එහි …

Continue Reading

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක්

පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතරදී කීවේය. වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේද පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට …

Continue Reading

‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුමක්!

සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ සිදු ව ඇති ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බව සැලකිය හැකි ය. ත්‍රිපිටකයේ කුඩා ම …

Continue Reading

පොලිසිය ජනපති අතට ගත් පසු කුඩු තොගපිටින් අල්ලයි! මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තම යටතට ගත් පසුව මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හොරොයින් ඇතුළු මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටීම පෙර සිටි දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා කොතරම් අනුග්‍රහයක් සහ සහයෝගයක් ලබාදී ඇති බව ඇස්පනාපිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පැවතීම සුවිශේෂීය. ඒ අනුව ඊයේ(31) දිනයේ රුපියල් කෝටි 440 කට අධික …

Continue Reading

2019 දූෂණයෙන් තොර වැඩකරන වසරක්!

2019 වසර දූෂණයෙන් තොරව වැඩකරන වසරක් ලෙස තමා නම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තම හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කරමින් රට ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පළ කළේය. මේ අතර …

Continue Reading

ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස කටයුතු කරන මංගල සමරවීරට බව වාර්තාවේ. පරාම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන මංගල සහ මංගලගේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගනිමින් සිටින අතර ඔහුන් …

Continue Reading

පොලිසිය ඩීල් සහ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන ජනපති යටතට ගැනීමේ රහස සහ වෙනස

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් …

Continue Reading

පුළුල් ජාතික සන්ධානයක් සමඟින් ඊලඟ ඉලක්කයට මුහුණ දෙන්න මෛත්‍රී සැරසෙයි

සියලුම බලවේග නියෝජනය වන පරිදි පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව පසුගියදා (24) ඒකමතික තීන්දුවක් ගෙන ඇත. ලබන වර්ෂය මැතිවරණ වසරක් බැවින් ඒ සඳහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන්ට දැන්වූ බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. පසුගියදා එම පක්ෂ මූලස්ථානයේ …

Continue Reading

ජනපති ග්‍රාම ශක්තිය තව ශක්තිමත් කරයි

ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරීම අරමුණු කර ගනිමින් …

Continue Reading

මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ …

Continue Reading