‘මෛත්‍රී-මහින්ද’ සන්ධානයට එරෙහි චන්ද්‍රිකාගේ එජාප කොන්ත්‍රාත්තුව දැන් වේදිකාවේ!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ගොඩනැගෙන සන්ධානය බිඳහෙලීම සඳහා ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය නම් වූ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බවට අප “රීඩ් ශ්‍රී ලංකා” තුළින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර සිටියෙමු.

එහි කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ මාධ්‍ය හමුපවත්වන අදියරේ ක්‍රියාත්මක අතර එහි තවත් එක් දර්ශන වාරයක් ඊයේ(03) තිරගත විය. ඒ සඳහා කලක් තිස්සේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස හිස උඳුමුවාගත් අයෙකුද ඊට සහභාගී සිටීම කැපී පෙනුනි. එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුව මත ක්‍රියාත්මක මෙම මාධ්‍ය සංදර්ශන සඳහා ප්‍රධාන චරිතය ලෙසට පණපොවන වලපයයි-ගොඩපයයි අතර සිටින කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස වෙනුවට නව චරිත කිහිපයක් ඉදිරිපෙලට යෙදවීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවටද වාර්තාවේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුකාරවරයා වන්නේ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පැවසූ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැස්බෑව ආසන සංවිධායක රජික කොඩිතුවක්කු වැඩිදුරටත් පවසා සිටියේ තම සංවිධානය දෙවැනි රැස්වීම පවත්වන ලද්දේ රෙජිනෝල්ඩ් කුරේගේ නිවසේදී බවත් එය සියළු දෙනා දන්නා කාරණාවක් බවත්ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් නව නායකත්වයක් පක්‍ෂයට ලබා දිය යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් පල වූ අතර ජනාධිපතිවරයාටද දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනු ලැබීය.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිපය එජාපය සමග එක් කිරීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුකාරවරයෙක් ඇතුළු සංවිධායක පිරිසකගේ ධුරයන් ඉතා ඉක්මනින් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.

ආශ්‍රිත පුවත්: එජාපයට කඩේ යන්න “චන්ද්‍රිකා-මංගල” සුසංයෝගයෙන් අලුත් ශ්‍රීලංකා ඇටවුමක්

RSL

Related Posts