ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!
තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් …
Continue Reading
ජන විරෝධය නොතකා ETCA අත්සන් තැබෙන ලකුණු!
අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ කිසිදු විරෝධයක් නොතකා ETCA ගිවිසුම අත්සන් කරන්නට යන බව යි. බොහෝ ක්ෂේත්‍රවල මේ සම්බන්ධයෙන් වන විරෝධය පැන නැගී ඇති අතර යහපාලන මූලධර්මවලට අනුව නම් මෙවැනි විවාදාපන්න තත්වයක දී යම් කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පුළුල් මහජන කතිකාවක් ඇති විය යුතු ය. මෙලෙස අත්තනෝමතිකව ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරන්නට උත්සාහ දැරෙන්නේ ඇයි දැ …
Continue Reading
මහාමාර්ගයේ කන්දොස්කිරියාවට වැට බැඳෙයි!
අධික ශබ්ධයෙන් යුත් වාහන නලා මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය වැලැක්වීමට හෙට දින (පෙබරවාරි 19) මධ්‍යම පරිසර අධිකාරිය මගින් වැටලීම් සිදු කරන බව වාර්තා වෙයි. ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන අනුව වන හඬ සීමාවන් උල්ලංඝනය කෙරෙන වාහන ඒ අනුව වැටලීමට ලක් වෙයි. මෙම වැටලීම් සිදු කිරීම අතිශයින් වැදගත් කටයුත්තකි. මෙරට රිය පදවන බොහෝ දෙනෙක් වැඩියෙන් ම භාවිත කරන වාහනයේ ඇති …
Continue Reading
අභයාරාමයේ රතන සූත්‍රය සජ්ජායනා කිරීම
මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප ආදී හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ හෙවත් හිටපු ජනපතිවරයාගේ රක්ෂණාස්ථානයේ රතන සූත්‍රය සජ්ජායනා කොට රට පුරා පිරිත් පැන් ඉසින්නට වැඩ පිළිවෙලක් සකසා ඇති බවට පුවත් වාර්තා පළ වෙයි. රතන සූත්‍රය බුද්ධ කාලීන භාරතයේ දේශනා කරන්නට හේතු වූයේ විසාලා මහනුවර නම් නගරයේ ඇති වූ තුන් බියක් නිසා ය. ඇත්ත වශයෙන් ම එකී තුන් බියෙන් එක් බියක් වූයේ අමනුෂ්‍ය බිය …
Continue Reading
කලු කබාය සහ හිටපු ජනපති
සිය පුත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට කලෙකට පසුව නැවතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නීතිඥ කලු ලෝගුවට බැස්ස බව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය බොහෝ උත්කර්ෂයෙන් යුතු ව වාර්තා කළේ ය. මහින්ද රාජපක්ෂ තම කිසිදු සමීපතමයෙක් වෙනුවෙන් උසාවි නාවේ ය. අඩු ම තරමේ තම සොයුරා බැසිල් වෙනුවෙන්වත් මැදිහත් නොවූ අතර යෝෂිතගේ ප්‍රශ්නයට මෙසේ ආවේ ය. එය පියෙක් ලෙස කළ යුතු වුවත්, වෙනත් ප්‍රශ්නයක් ඇත. …
Continue Reading
මුසාවාදා වේරමණී සික්ඛා පදං
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එන පාලි ගාථාවෙන් කියවෙන ශික්ෂා පදයෙහි අර්ථය මම බොරු නොකීම නමැති ශික්ෂා පදයට එකඟ වෙමි යන්නයි. එය කෝටියක් සංවර ශීලය රකින භික්ෂූන් වහන්සේලා පමණක් නොව සාමාන්‍ය ගිහියන් පවා පිහිටා සිටිය යුතු යැ යි බුදු දහමේ එන මූලික ශීලයන්ගෙන් එකකි. උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගිය කාලයේ හොර අලි කෙළියෙන් අලි පැටියෙක් ළඟ තබා ගත් බව ප්‍රසිද්ධ …
Continue Reading
ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර රැසක්
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහතික වෙයි. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක …
Continue Reading
ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!
පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව යි. මෙම සිදුවීමෙන් පසු බොදු බල සේනා හිමිවරුන් බොහෝ පිරිසක් කුපිතව උසාවිය අසල කලබල කළ අතර ඒ ගැන චෝදනා …
Continue Reading
සුනාමි මුදල් වංචා චෝදනාවට මහින්ද හිරේ නොයැවීම ගැන සරත් එන්. සිල්වා සමාව අයිදියි!
හෙල්පින් හම්බන්තොට නම් රාජ්‍ය නොවන සංවිධානයක හරහා සුනාමි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ ය. මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසා බව ද ඔහු කියා සිටියේ ය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, තමා එදා ඒ තීරණය ගත්තා නම් අද මේ …
Continue Reading
හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?
නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක් තිබී නැත. 2015 වසරේ දී ද ක්‍රියාත්මක වූ මේ ක්‍රමය මේ වසරේ යම් වෙනසකට ලක් කර සමාගම් කිහිපයක් විසින් ලබා …
Continue Reading