කුමාර් ගුණරත්නම් වසරක් සිරගත කරයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය. 1988-89 වකවානුවේ ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය පසුභාගයේ මෙරටින් පළා ගිය කුමාර් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. ඒ නොයෙල් මුදලිගේ යන ව්‍යාජ නාමය භාවිත …

Continue Reading

හදිසි කාලසටහන් වෙනසින් දුම්රිය මගීහු අමාරුවේ!

අප වෙත වාර්තාවෙන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ධාවන කාලසටහන වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීම නිසා දුම්රිය මගීහු අපහසුතාවන්ට ලක් වෙන බව දැනගන්නට ඇත. කළින් දැනුම් දීමකින් තොරව මෙසේ ධාවන වේලාවන් වෙනස් කිරීම නිසා පුරුදු පරිදි වෙනදා වෙලාවට දුම්රිය ස්ථානවලට පැමිණි මගීන්ට දැනගන්නට ලැබුණේ එක්කෝ තමා යන දුම්රිය පිටත්ව ගොස් ඇති බව හෝ එය පැමිණෙන්නට බොහෝ වේලාවක් ඇති බවයි. …

Continue Reading

අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!

පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම දූෂණ විරෝධී පෙරමුණ වෙත සමාලෝචන වාර්තාවක් එවා ඇත. ඒ අනුව එම පෙරමුණ ඉදිරිපත් කරන ලද පැමිණිලි බොහෝ ගණනක් සම්බන්ධයෙන් විමර්ශන …

Continue Reading

හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!

ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි. ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් …

Continue Reading

ශිරන්තිගේ මාල!

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ විවිධ සේයාරූ ඇතුලත් ඡායාරූපයක් ප්‍රචාරය වෙයි. එහි දැක්වෙන්නේ, ඇය අවස්ථා තිස් ගණනක දී පැළඳ සිටින මාල ගැන සටහනකි. එහි දැක්වෙන පරිදි එක් අවස්ථාවකට ඇය එක් රන් මාලයක් පැළඳ සිටින බව පෙනේ. ඒවා ඉතා මිල අධික බව බැලූ බැල්මට පෙනේ. එම වෙබ් අඩවි හරහා ප්‍රශ්න කර ඇත්තේ, මෙතරම් මාල …

Continue Reading

මහින්ද කළ පෙර පව් යළි මහින්ද වෙත කැරකෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජුවම සම්බන්ධකම් කියන ‘හෙල්පින් හම්බන්තොට’ දැවැන්ත මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, මොහාන් පීරිස් මහත්වරුන් ඇතුළු අගවිනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතිඥවරුන් සිදු කළ බව කියන වංචා සහ දූෂණ …

Continue Reading

රට නැවතත් අඳුරට!

විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය මත ඉදිරියේ දී නැවත දවසට පැය 3 බැගින් විදුලි අත්හිටුවීම්වලට මුහුණ දෙන්නට ජනතාවට සිදුවනු ඇත. ජාතික …

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි. වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් …

Continue Reading

පාර්ලිමේන්තුවට අවුරුදු ඩීල්කාරයන්ගේ සල්ලිවලින් ද?

එළැඹෙන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නට යන බව රීඩ් ශ්‍රී ලංකා පුවත් අංශය වෙත වාර්තා වෙයි. මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විසින් සිදුකරන බවත් රුපියල් මිලියන 10ක එනම් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර ඇති බවත් දැනගන්නට ඇත. මෙහි ඇති නරක ම තත්වය …

Continue Reading

රාජිත ජනපතිටත් ඉහළින්!

. යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්‍රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්‍රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති. මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය ධුරය දරන රාජිත සේනාරත්නගේ ක්‍රියා කලාපය ඉතා ම අත්තනෝමතික බව බොහෝ දෙනා දන්නා කරුණකි. මාලබේ ඊනියා වෛද විද්‍යාලය සම්බන්ධව …

Continue Reading