ආණ්ඩුවේ ණය බර මහ බැංකුව මත පටවයි

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කර ඇත. ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය …

Continue Reading

ඉන්ධන මිල යළි වැඩිකරන්න පෙර නමට අඩුකරයි (රු.2,3කින්)

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත. නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් …

Continue Reading

මංගලගේ ගොටු අදින සහචරයින් රාජ්‍ය ආයතන වනසති; ප්‍රශ්න කළ විට මංගල මොංගල් වෙති

අදාළ විෂය සම්බන්ධයෙන් නිසි දැනුමක් නැති ඇමතිවරයෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ආතක් පාතක් නැතිව සිටි සහචරයින් මේ වන විට රාජ්‍ය ආයතන සින්නක්කරය ගෙන වනසමින්, බුදිමින් සිටින බවට වාර්තාවේ. එවැන්නක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ මංගලගෙන් ප්‍රශ්න කළ අතර එහිදී මංගල අන්මන්ද වී මොංගල් පිළිතුරක් දෙනු දක්නට ලැබිණ. ස්වාධීන රූපවාහිනී ආයතනයට සභපතිවරයෙක් හා ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් පත් …

Continue Reading

අයවැයට පෙර තවත් බද්දක් ගසයි

වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අයවැයට පෙර “කාබන් බද්ද” ලෙස නව බද්දක් ගැසීමට තීරණය කොට ඇත. මේ වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජගත් චන්දසිරි ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවේ ආදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවෙදී එම කාබන් බද්ධ අය කර ගන්නා බවයි. …

Continue Reading

ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙල් මිල බසී; ඒත් ලංකාවේ ආණ්ඩුව වාසිය යටිමඩි ගසයි

මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙ මිල සීඝ්‍රලෙස පහත යමින් තිබුණද වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබානොදී එම ලාභය යටිමඩි ගසමින් සිටින බවට අනාවරණය වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසා ඇත්තේ, ගෑස් මිල ගණන් තීරණය කිරීමේදී සෞදියේ අරුම්කො වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගන්නා බවත් මේ වනවිට එහි …

Continue Reading

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු අවදානමක! ණය ගෙවන්න මංගල ඉතිරි කිරීමේ බැංකුව සුද්දයට සැරසෙයි

2019 වසරේ ණය ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීමට යැයි පවසා මෙරට ලොකු කුඩා බහුතරය ජනතාවගේ ඉතුරුම් තැන්පතු විශාල ප්‍රමාණයක් ඇති සුරක්ෂිත රාජ්‍ය බැංකුවක් ලෙස නම් දරා තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතු වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (02)වසරේ පළමු කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇත. අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් …

Continue Reading

මංගලගෙන් තවත් ජාත්‍යන්තර වාර්තාවක්!

එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි. පෙරේදා (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් …

Continue Reading

ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස කටයුතු කරන මංගල සමරවීරට බව වාර්තාවේ. පරාම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන මංගල සහ මංගලගේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගනිමින් සිටින අතර ඔහුන් …

Continue Reading

මංගලාගමනයත් සමඟ රුපියලේ කඩා වැටීම දෛනිකව යළි සීඝ්‍රයෙන් ඉහළයයි

මුදල් සහ ආර්ථික කේෂ්ත්‍රයේ දැනුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ යළි ආගමනයත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම දෛනිකව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 …

Continue Reading

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …

Continue Reading