ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු අවදානමක! ණය ගෙවන්න මංගල ඉතිරි කිරීමේ බැංකුව සුද්දයට සැරසෙයි

Spread the love

2019 වසරේ ණය ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීමට යැයි පවසා මෙරට ලොකු කුඩා බහුතරය ජනතාවගේ ඉතුරුම් තැන්පතු විශාල ප්‍රමාණයක් ඇති සුරක්ෂිත රාජ්‍ය බැංකුවක් ලෙස නම් දරා තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතු වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (02)වසරේ පළමු කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇත.

අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් කැබිනට් ඇමතිවරුන් සියල්ලන් නිහඬව එයට එකඟතාව පළ කර ඇති අතර විදුලිබල අමාත්‍ය රවී කරුණානායක පමණක් දැඩි විරෝධතාවය දක්වා ඇත.

රටේ ණය ගෙවීම් අවශ්‍යතා වෙනුවෙන් අහිංසක ජනතාවගේ ඉතුරුම්වලින් මුදල් ලබා නොගත යුතු බව කියමින් රවි කරුණානායක මෙහිදී අදහස් පළ කර ඇත.

මෙහිදී කැබිනට් හමුව කාලගෝට්ටියක් වී ඇත.

එහෙත් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ මලික් සමරවික්‍රම හා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන් මංගල සමරවීර ඇමැතිවරයාගේ සහායට අදහස් දක්වමින් එම කැබිනට් පත්‍රිකාව අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු බවට අවධාරණය කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔවුන් රවි කරුණානායකට කියා ඇත්තේ එසේ නම් ඒ සඳහා වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන ලෙසටය.

මෙහිදී ඇති වූ ගාලගෝට්ටිය මැද රවී කරුණානායක තවදුරටත් දැඩිව තම විරෝධය පළ කරමින් එම කැබිනට් පත්‍රිකාව සම්මත කරන්නේ නම් තමන් ඊට එරෙහි වූ බව සටහන් කරන ලෙස අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතුවලින් ඩොලර් මිලියන 1000 ක් ලබාගෙන ණය වාරික ගෙවීමට යෑම තුල රටේ පොදු මහජනතාව වූ තැන්පත්කරුවන්ගේ මුදල්වල සුරක්ෂිතතාවයට දැඩි අනතුරක් වීමේ අවදානමක් පවතී.

RSL

Related Posts