ශ්‍රීලනිප මහලේකම්ධුරය දයාසිරිට

Spread the love

රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ(03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි.

තාවකාලිකව පත්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පුද්ගලික හේතුවක් මත පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

ධුරයෙන් ඉවත් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයෙකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts