බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!
රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …
Continue Reading
ජනපති සිරිසේන යළි ජනපති කරන්න එජාපය සාකච්ඡා කළේ නැහැලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් …
Continue Reading
මවුපිය පදවිය ජනාධිපති පදවියට වඩා ඉහළයි
අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ ජීවිතය සමත් කර ගැනීමයි. විශ්වවිද්‍යාල තුළින්ද දරුවන් ජීවිතය සමත් කරගත යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙරේදා බළපිටියේදී ප්‍රකාශ කෙළේය. තවද අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය සම්පතක් බවත් එම සංචාරක ව්‍යාපාරයම විස මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙන බවද පැවැසීය. බළපිටිය, රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, …
Continue Reading
යුද්ධයේ අවසාන සති දෙකේ ජනපති අගමැති හමුදාපති හා ආරක්ෂක ලේකම් රටේවත් හිටියේ නෑ සියලු වැඩ බැලුවේ මමයි
යුද්ධයේ අවසාන සති දෙකේ හිටපු ජනපති, හිටපු අගමැති, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකාවේ නොසිටි බවත්, එම කාල සීමාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් යුද්ධයේ අවසන් සති දෙක පිළිබඳව කරුණු හොඳින් දන්නා පුද්ගලයා තමන් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඒ කාරණය බොහෝ දෙනකුට අමතක වී තිබෙනවා සේම ඉහත කී පිරිස මෙරටින් පිටව ගියේ ඇයි දැයි කියා බොහෝ අය …
Continue Reading
ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි
‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ …
Continue Reading
වසර තුනහමාරකට පෙර තිබූ රට නොවෙයි අද තිබෙන්නේ; නව මානයකින් අප දෙස බලන්න
මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් වර්තමානයේ ඇතිබවත් ඒ දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම …
Continue Reading
ජනපතිගෙන් රට නොබෙදා බලය බෙදෙන ක්‍රමයක්!
1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෙමත්‍රීපාල සිරිසෙන මහතා පවසයි. එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් …
Continue Reading
කවුරුන් මොන කයිවාරු ගැහැව්වත් ඊළඟ වාරෙත් ජනාධිපති මෛත්‍රීමයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා, දැන් එජාප නායකයටත් ඔහුගේ පක්ෂයේ අයටත් අමුතු ගායක් හැදිලා තියෙනවා. ඒ වගේම අපෙන් කැඩී ගිය පොහොට්ටුවෙ සමහරුන්ටත් අමුතු ගායක් හැදිල …
Continue Reading
ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …
Continue Reading
ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ. සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ. ඊයේ (12) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් …
Continue Reading