මහින්ද අගමැතිකමට සූදානම්!

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් …

Continue Reading

2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි. එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි. හිටපු …

Continue Reading

ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගත් එකක් වුණේ නැහැ.. (වීඩියෝ)

යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවත්, එහෙත් ත්‍රස්තවාදයෙන් බැට කන දමිල, මුස්ලිම්, සිංහල යන මගේම සියලු ජනතාව ඉන් මුදා ගැනීම වෙනුවෙන් තමා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ක්‍රියාත්මක කළ බව ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලි නුවර …

Continue Reading

මීලඟ ජනාධිපතිවරණයට මම හෝ පවුලේම කෙනෙක්; මහින්දගෙන් සහතිකයක්!

2019 වසරේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා හෝ තම සහෝදරයෙකු හෝ තම පවුලේම කෙනෙක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ. රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් …

Continue Reading

ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..

“අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන් චාන්ස් එක ගත්තට අද එහෙම ඉඩක් නෑ. මහින්ද මහත්තයා එදා කිව්වේ පෝයට කලින් ආණ්ඩු පෙරළනවා කියලා. ඒ පුන්සඳ තවම පායලා …

Continue Reading

‘ජනබලය කොළඹට’ ගැලූ ජනගඟ 95,000 ඉක්මවලා! (Video)

ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ විශාල පිරිස් ඊයේ රාත්‍රීවනතුරු කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව රැස්ව සිටි බවට වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු …

Continue Reading

ජනබලය ඇරඹෙයි! වටෙන්ම කොළඹ හිරවෙයි! (වීඩියෝ)

ඒකාබද්ධ පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට” විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ. අද උදෑසන සිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට කොළඹ දෙසට පා ගමනින් පැමිණෙමින් සිටින අතර පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙන බවයි. ප්‍රධාන …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …

Continue Reading

මහින්ද එදා අරලිය ගහ මන්දිරේ මඟුල් කෑවනම් අද වෙන දේ.. (Video)

තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය. ප්‍රදර්ශණය …

Continue Reading