ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස ස්වෙච්චාවෙන් එක්වූ එම පිටුව සමඟින් ශ්‍රීලනිප පාක්ෂිකයින් මෙලෙස මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ සන්ධිස්ථාන ගත මෙහෙයුමක් වූ “ජනබලය කොළඹට” සමඟ එක්වී ඉදිරි දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇත. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමිකව හෝ නායකත්වය දරණ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ ජාල පිටුවේ ඔහුට සහ පක්ෂයට සහය දක්වන පාඨකයින් ඇත්තේ 48,000කටත් වඩා අඩු පිරිසකි. එම ෆේස්බුක් පිටුවද “කඩිප්පුලියා” නැමැති වෙනත් පිටුවක් හරවා ගෙන සකසන ලද්දක් බවට වාර්තා වුණි.

රටේ ජනාධිපතිවරයා වූ පසු බලය තුළින් කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමික නායකත්වය ලබාගැනීමට සමත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වසර තුන හමාරක කාලය තුළ කල්මරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සහ පාක්ෂිකයින් ඇල්ලීමට වෙර දැරුවද ඒ සියල්ල මේ වන විට ඇස් පනාපිටම අසාර්ථක වී තිබෙන බව පැහැදිලිය.

නිසි දැනුමක් හෝ අබමල් රේනුකව දේශපාලන සංවේදීතාවයක් නොමැති කේවට්ටයින් පිරිසක් අධ්‍යක්ෂක සහ උපදේශක තනතුරුවලට පුරවා ගනිමින් විවිධ නිශ්ඵල ව්‍යාපෘති සඳහා මිලියන ගණනන් වැය කළද මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති තනතුරත්, ඔහු කෙසේ හෝ ලබාගත් නාමික ශ්‍රීලනිප සභාපතිත්වයත්, එම පක්ෂයත් දිය වී ගොස් අවසන් වීමට තව ඇත්තේ මද දුරකි. දේශපාලන දැනුමැති අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් ඔහුගේ පරිධිය මායිමේ සිටියද ඔවුන්ට මෛත්‍රීගේ කඩාවැටෙන දේශපාලනය ගොඩගැනීමට ඇති ඉඩ කඩ සීමිත බව පෙනෙන්ට තිබේ.

සමාජජාල මෙහෙයුම් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුදල් පොම්පකරුවන් කොතරම් මුදල් පොම්ප කළද ඒවා ගඟට කැපූ ඉනි සේ අපතේ යනු ඇත්තේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය ගැන හැදෑරීමක් හෝ නිසි අවබෝධයක් නොමැති කාඩ් බෝඩ් චරිත ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂයම ගොනාට අන්දවන බව නිසාවෙන් (ව්‍යවහාර භාෂාවෙන්) බවද සුපැහැදිලිය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් පිටුව
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාට සම්බන්ධ පිරිස් විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුව.

RSL

Related Posts