ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! අමුණුගම බෑනාගේ කොන්ත්‍රාත්වල රස වැටී බොරු කියයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් …
Continue Reading
මහින්ද ගැන ලිපියට කතානායක කතා නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. විපක්ෂ නායක ධුරය සඳහා එ.ජ.නි.ස. පාර්ශ්වයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ එ.ජා.ප.ය හා දෙමළ ජාතික සන්ධානය …
Continue Reading
අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව …
Continue Reading
වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා
වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල …
Continue Reading
දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ
පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …
Continue Reading
කවුරුන් මොන කයිවාරු ගැහැව්වත් ඊළඟ වාරෙත් ජනාධිපති මෛත්‍රීමයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා, දැන් එජාප නායකයටත් ඔහුගේ පක්ෂයේ අයටත් අමුතු ගායක් හැදිලා තියෙනවා. ඒ වගේම අපෙන් කැඩී ගිය පොහොට්ටුවෙ සමහරුන්ටත් අමුතු ගායක් හැදිල …
Continue Reading
අතිබහුතරය තුන්වේලට බත්කන රටේ ‘සහල් මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ පිළිගනී.. (Video)
වත්මන් රජය බලයට පැමිණ වසර තුන හමාරක් ගතවුවද සහල් මිල ඉහළ ගියා හැරෙන්නට කිසිදිනෙක පහළ නොයෑම තුල සහල් මාෆියාවක් සහ සහල් ඒකාධිකාරයක් ක්‍රියාත්මකව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) ජනහමුවක් අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. මෙම ‘සහල් මාෆියාව’ සහ ඒකාධිකාරය බිඳ දැමීමට නොහැකි හෙයින් ඊට විකල්පයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යයංශය “PMB රයිස්” නමින් අඩුමිලට නව සහල් වර්ගයක් වෙළෙඳ පොලට …
Continue Reading
අලුත් කෘෂිකර්ම ඇමති බොරු කයිවාරු නැතිව වෙලට බැස වැඩ පෙන්වයි
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් වූ මහින්ද අමරවීර මහතා තමන්ට අයත් අඟුණුකොළපැලැස්‌ස යකාගල යාය-15 පිහිටි තම කුඹුරු යාය වස විස නැතිව කාබනික ක්‍රමයට වගාකරමින් පෙරේදා (14) පෙරවරුවේ රටටම මහත් ආදර්ශයක් ලබාදුන්නේය. වස විස නැති වගා වැඩසටහනේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්‌ථාවට එක් වූහ. වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම …
Continue Reading
ශ්‍රීලනිපයේ කවුරු විපක්‍ෂයට ගියත් ආණ්‌ඩුව ඉදිරියට යනවා – මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කවුරු විපක්‍ෂයට ගියත් මේ ආණ්‌ඩුව ඉදිරියට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව අවුරුදු පහක බලයක් ආණ්‌ඩුව කරන්න ලබාදී තිබෙන බවත් ඒ කාලය තුළ කුමන අයකු හා එකතු වී ආණ්‌ඩුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා …
Continue Reading
දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- ඇමති අමරවීර (Video)
වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය. දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
Continue Reading