අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසක් වන අතර මේ වන විට එහි අවසාන කඩ ඉම වෙත ඊට සම්බන්ධ ඩීල් කරුවන් විසින් මොවුන්ව ගෙනවිත් ඇතැයි අප දේශපාලන තොරතුරු වාර්තාකරුවන් වාර්තාකරයි.

ඒ හා සමානම දේශපාලන ගනුදෙනුවක්, එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වන බවට වාර්තාවන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඊයේ(23) අගුනුකොලපැලැස්ස කාර්යාලයේ දි පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තංගල්ල ආසනයේ පලාත් පාලන ආයතන නියොජිතයින් ගේ හමුවකදී පවසා ඇත්තේ, දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ පාක්ශිකයින් එජාප ඇමතිවරුන්ගෙන් සේවා ලබා ගැනිමට යොමු විමෙන් පක්ෂයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් තමා පාක්ශිකයින් හා රට වෙනුවෙන් වැදගත් දේශපාලන තින්දුවක් ඉදිරියේදී ගන්නා බවයි.

ශ්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතිබහුතරය තීරණය කරද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනිකව දැඩි ලෙස හානිකර එම දීගය පත්වාගෙන යමින් තම ඇමතිකම් රැකගැනීමට දැඩි උත්සහයක් දරන ලද්දේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් බව ප්‍රසිද්ධ කරුණකි.

RSL

Related Posts