දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ

Spread the love

පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳහෙලීම, රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීම මත රාජ්‍ය පක්ෂපාතීත්වය කඩ කිරීම යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.

බොහෝ විට ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය ආරක්ෂාවට සහ ආණ්ඩුවේ පැවැත්මට හානිකර නොවන එහෙත් තමන්ට වාසිවන, තම දේශපාලන සතුරන්ට ප්‍රහාර එල්ල කරන කතාවන් මාධ්‍යවේදීන්ට දීමත්, ඒවායින් සති අන්ත පුවත්පත්වල දේශපාලන පිටු පිරවීමත් නිතැතින් සිදුවේ. එහෙත් මීට පෙර කිසිඳු අවස්ථාවක මේ ආකාරයෙන් රාජ්‍ය ආරක්ෂාවට මෙන්ම රාජ්‍යත්‍රාන්ත්‍රික ගැටුම් අවුලුවන ආකාරයේ සාවද්‍ය පුවත් දේශීය හෝ විදේශීය මාධ්‍ය වෙත යවා පැල කලේ නැත.

කෙසේ වෙතත් මෙම පුවත ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පතේ පැල කිරීම පිටුපස මීට පෙර සමයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශ්වාසය දිනාගනිමින් ඔහුගේ අඟේ සිට කන කෑ දැනට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතම ඇමතිවරයකු වන බව මාධ්‍ය වාර්තා ඔස්සේ පෙනීයයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙළිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා” යැයිද අමාත්‍ය මහින්ද අමරවීර බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කර තිබේ.

ආශ්‍රිත පුවත්: මෛත්‍රී – මෝදි හප්පන්න කැබිනට් කුමන්ත්‍රණයක්! මංගලගේ මන්දනා The Hindu පුවත් පතට අතේ පැලවෙන බොරුවක් කියලා..

RSL

Related Posts