ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! අමුණුගම බෑනාගේ කොන්ත්‍රාත්වල රස වැටී බොරු කියයි..

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වීසින් ඊයේ(15) තහවුරු කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු ලෙසකින්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත්ය. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවිමසා තම හිතුමතයට අපේක්ෂකයෙකු පත්කර ගත්තේ නම් ඔහුව ජයග්‍රහණය කරගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇති බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව කණගාටු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබා නොගැනීම පිළිබඳව සතුටු වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

RSL

Related Posts