දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටෙයි
වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන …
Continue Reading
වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටම ණය අවුලක – රජයේ විගණකාධිපති (Video)
රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය තමාවත් නිවැරදිව නොදන්නා බවත්, වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ ණය බර අවුලෙන් අවුලකට පත්ව ඇති බව රජයේ විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතා ඊයේ(07) මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය. පසුගිය රාජපක්ෂ රාජ්‍ය පාලනය සිදු වු දශකය තුලම මෙම රාජ්‍ය ණය නිසි කළමනාකරණයකට ලක්ව නොමැති බවත්, මේ හේතුවෙන් මේ වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ දා හත්දහසක් (417,000) …
Continue Reading
මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 265ක ණය වාරිකයත් ලැබෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාවය පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 265ක මුදල මෙරටට ලබාදීමට ඊයේ (08) තීරණය කර ඇත. වසර 2016 – 2019 කාලපරිච්ඡේදය ඇතුළත මේ ණය මුදල වාරික හයක් යටතේ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අඩුකර ගැනීමට සහ විදේශ සංචිතය ඉහළ නංවා ගැනීමට …
Continue Reading
2019න් පසු ශ්‍රී ලංකාවට ණය සහනාධාර නැතිවෙයි
2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019 වසරේදී රටේ සංවර්ධනය වෙනුවෙන් අලුතින් සිතිය යුතුබවද අගමැතිවරයා පැවසීය. යහපාලන රජය අවුරුදු දෙකක් තිස්සේ කාලය මිඩංගු කර ඇත්තේ පසුගිය රජය …
Continue Reading
රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට මංගලගෙන් සහනදායි වාහන බලපත්‍ර
රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) …
Continue Reading
විදේශිකයන්ට වසර 2ක නේවාසික වීසා
ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 300,000 ට වැඩි මුදලක් මෙරට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන්ට වසර දෙකේ සිට වසර පහ දක්වා කාලයක් සඳහා නේවාසික වීසා බලපත් ලබාදීමට රජය තීරණය කරයි. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ට වැඩි මුදලක් ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන් සඳහා බදු සහන, වීසා කාලය දීර්ඝ කිරීම ඇතුළුව සහන රැසක් ලබාදීමට පියවර …
Continue Reading