ශ්‍රී ලංකාවේ සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳ ජපානය සතුටට පත් වෙනවා – යසුෂි අකාෂි

ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. යසුෂි අකාශි මහතා ඊයේ(28)  පෙරවරුවේ  ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඊයේ අකාෂි මහතා ඇතුළු ජපාන දූත පිරිස …

Continue Reading

මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –

ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි  අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ …

Continue Reading

පිටරැටියන්ගේ සංවර්ධනය දෙස බලා සුසුම්‍‍ හෙළන්නට ඉඩ තබන්නේ නැහැ – ජනපති

අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුරට‍ ලොව වෙනත් රටවල සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ නොතබන බවත් ඔවුන්ගේ බොහොමයක් සිහින මේ වන විටත් සැබෑ කර දෙන්නට වත්මන් රජයට හැකි වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද(27) දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමී ව කරන්දෙනියේ පැවැති ජන හමුවට සහභාගි වෙමිනි. දක්ෂිණ අධිවේගී මාර්ගය …

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියිට පැවරුනි. දක්ෂිණ අධිවේගී මාර්ගය මං තීරු 4 කින් සමන්විත වන අතර කොට්ටාවේ සිට ගාල්ල, පින්නදූව දක්වා දිවේ. මෙම අවස්ථාවට ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතාද සහභාගී විය.

Continue Reading

ඕනෑ ම ආපදා අවස්ථාවක දී ආරක්ෂක අංශ සහය ගන්න – ජනපති

ගංවතුර, සුළි සුළං හෝ නාය යෑම් වැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්වල දී අවශ්‍ය සහන කටයුතුවලට, ඒ සඳහා මනා පුහුණුවක් ඇති ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව වෙත උපදෙස් දුන්නේය. ඊයේ (25) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ හත්වන රැස්වීමේ  දී ජනාධිපතිතුමා එම අදහස් පළ කළේය. …

Continue Reading

එජාපයට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමද – ලක්ෂ්මන් යාපා

පසුගිය දා පැවතී ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමතමින් ‘මහින්ද රාජපක්ෂ පවුල ඉතිහාසයේ පටන්ම ජනතාවට හොඳට කන්න දුන් පවුලක්. අගමැතිවරුන්ට හා රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබූ අරලියගහ මන්දිරය පොදු ජනතාවට විවෘත කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා’ යැයි පැවසීය. විවිධ වෘත්තිකයන්, පූජකවරුන්, රජයේ නිලධාරීන්, …

Continue Reading

වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට රජයට හැකි වුනා – ජනපති

ඉතිහාසය විසින් වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට තම රජයට හැකිවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා එම කරුණු අවධාරණය කරනු ලැබුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට තරග වදින සියලු අපේක්ෂකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවු අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ කොළඹ නගරය ආශ්චර්යමත් කිරි‍මේදී එහි පැල්පත්වාසීන් නගරයෙන් ඉවත් …

Continue Reading