ච්ම්පන්සියා `සිය හය වන උපන් දිනය සමරයි

දෙහිවල ජාතික සත්ව උද්‍යානයෙන් ඊයේ (15 අගෝ.) ඉතා අපූරු තොරතුරක් වාර්තා විය. එනම් සත්තු වත්තේ ජීවත්වන චිම්පන්සියා විශාල ජනතාවකගේ සුභපතුම් මැද සිය හය වන උපන් දිනය උත්සවාකාරයෙන් සැමරීමයි. ඡායාරූපයේ දැක්වෙන්නේ සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ බී. එස්. ගුණවර්ධන සහ සත්ව පාලක තිලක් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහයෙන් චිම්පන්සියා තම උපන් දින කේක් ගෙඩියේ ඉටිපන්දම දැල්වූ අවස්ථාවයි.

Continue Reading

කුඩා මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ආනයනය ඉහළට – ජේ. අමාත්‍ය සරත් අමුණුගම

වර්තමානයේ දී මෙරටට ආනයනය කරන අඩු සිලින්ඩර් ධාරිතාවේ කුඩා මෝටර් රථ හා ත්‍රී රෝද රථ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. මෙම ඉහළ යෑමට ප්‍රධාන හේතුව වන්නේ අනෙකුත් වාහන හා මෙම වාහන අතර තිබෙන බදු පරතරයයි. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් …

Continue Reading

මේක අඳබාල ආණ්ඩුවක් – ජ.වි.පෙ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (14 අගෝ.) පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ වත්මන් ආණ්ඩුව බාල බෙහෙත්, බාල තෙල්, බාල පොල්, බාල සිමෙන්ති ගෙන්වන අඳබාල ආණ්ඩුවක් බවයි. විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘රජයේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් සිමෙන්ති ‘නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ දින පටන් ලංකාව තුළ සිමෙන්ති …

Continue Reading

සිමෙන්ති මිල නංවන්න සමාගම් 3ක් අවසර ඉල්ලයි

ලෝක වෙළඳපොළෙහි සිමෙන්ති අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම හේතුවෙන්, එක් සිමෙන්ති කොට්ටයක මිල රු. 35 කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස සමාගම් 3 ක් ලිඛිතව ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. මෙසේ මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇත්තේ අල්ට්‍රාටෙක්, ටෝකියෝ සිමෙන්ති සහ ලෆාජ් යන සමාගම් 3 යි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකාරියේ මිල කමිටුව මේ සතියේදී රැස්වීමට නියමිතය.

Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට බාධා

ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් කච්චතිව් දූපත අසල මුහුදේ මසුන් මැරීමෙන් තමිල්නාඩු ධීවරයින් 2,000ක් පමණ දෙනා වලක්වාලීමට පියවර ගත් බවට වාර්තා වන්නේ යැයි පී.ටී.අයි. පුවත් සේවය පවසයි. බෝට්ටු 511ක නැඟී මසුන් මැරීමට ගිය එම පිරිස පෙරේදා (අගෝ. 13) නැවත පැමිණ පවසා ඇත්තේ බෝට්ටු 10කින් ලංකා නාවික හමුදා භටයින් පැමිණ තමන්ට ප‍්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට අණ කළ බවටයි. එම නාවික හමුදා …

Continue Reading

කොහොම විරුද්ධ වුනත් අපිට ඕන පනත් ගේනවා – අගමැති

කොතරම් විරෝධතා පැමිණියද පනත් සම්මත කර ගැනීමට එය බාධාවක් කර නොගන්නා බව අග්‍රාමත්‍ය දී. මූ. ජයරත්න මහතා, ඊයේ (13 අගෝ.) කළුතර උතුර ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයේදී පැවති උත්සවයකදී පැවසීය. “අපි ඉදිරිපත් කරනවා එක එක පනත් ඒවාට ඡන්ද හම්බවෙන්නේ නැහැ. බොහෝම විරුද්ධ වෙනවා තදබල විදියට. ඒවා අපි එකක්වත් ගණන් ගන්නේ නැහැ. ඔබ වහන්සේලාට පේනවා ඇති ටෙලිවිෂන් එකේ පේනවා ඇති මොනතරම් විරුද්ධ වෙනවාස …

Continue Reading

අර්බුදය නොවිසඳුනහොත් රනිල්ගෙන් දැඩි තීන්දුවක්

නායකත්ව අර්බුදය ව්‍යවස්‌ථානුකූලව විසදා ගැනීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ අනෙකුත් ක්‍රියාකාරීන් මාර්ගයෙන් තමා ගත් සියලු උත්සාහයන් මේ වන විට බිඳවැටී තිබෙන තත්ත්වය මත පක්‍ෂය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන්ලබන සතියේදී පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුකූලව  දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. පක්ෂයේ විනය පවත්වාගෙන යාම සදහා දැඩි තීන්දු ගන්නා ලෙස  එ.ජා.ප. ක්‍රියාකාරීන් රැසක්‌ රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර තිබේ. …

Continue Reading

රජයේ ඇමතිවරු පසුගියදා කළ උද්ඝෝෂණය රඟපෑමක්

එක්දහස් නවසිය පනස් තුනේ හර්තාලය සිහිපත් කිරීමේ වැඩසටහනට සමගාමීව බඩු මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරු ඇතුළු පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීම මේ රටේ ජනතාව තවදුරත් මුලාකිරීමක් බව බහුතර ජනතාවගේ අදහස බව අප ජනතාව සමගින් කළ විමසීමකදී දැනගන්නට ලැබිණි. රටේ පොදු ජනයාගේ මුදලින් රජයේ වරප්‍රසාද හොඳහැටි භුක්ති විඳිමින් මෙම දේශපාලකයන් කරන්නේ අසරණ ජනතාව ප්‍රෝඩාකාරී ලෙස සමච්චලයට ලක්කිරීමක් …

Continue Reading

නැඳුන්කර්නි හාල් මෝල නැවත ගොඩනැඟේ

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා විනාශ වූ වව්නිියාවේ නැඳුන්කර්නි ප‍්‍රදේශයේ හාල් මෝල යළි ඉදිකිරීම සඳහා  සහය දීමට නියමිත බව වාර්තා වේ. මෙය, උතුරේ සමූපකාර සේවා වෙනුවෙන් ලබාදෙන දීර්ඝ කාලීන සහන පැකේජයක මුල් පියවරක් බව කොළඹ පිහිටි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය පවසයි. මෙම හාල් මෝලේදී වසරකට හාල් මෙටි‍්‍රක් ටොන් 4,000ක් පමණ නිපදවීමට හැකි බවත් මෙමගින් රැුකියා …

Continue Reading

රටේ 40000 ක් වන රැහියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – ඒ.රැ.වි.උ.ස.

මේවන විට 40000කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප‍්‍රමාණයක් සිටියත් වත්මන් ආණ්ඩුව ඔවුන්ට රැකියා ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායකමහතා ප්‍රකාශ කළේය .ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඡන්ද ගුණ්ඩුවලට පමණක් සීමා වී ඇති …

Continue Reading