රටේ 40000 ක් වන රැහියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – ඒ.රැ.වි.උ.ස.

Spread the love

මේවන විට 40000කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප‍්‍රමාණයක් සිටියත් වත්මන් ආණ්ඩුව ඔවුන්ට රැකියා ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායකමහතා ප්‍රකාශ කළේය .ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඡන්ද ගුණ්ඩුවලට පමණක් සීමා වී ඇති බවද ඒ මහතා පෙන්වාදුන්නේය. සියළු සෞන්ධර්ය උපාධිධාරීන්ට පත්වීම් ලබාදුන් බවට අණ්ඩුව පාරම්බෑවද මේවන විටත් සෞන්දර්ය උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් රැකියා නොමැතිව දුක් විදින බව  ඔහු පැවසීය.

2007 වර්ෂයේ ලබාදුන් ගුරු පත්වීම්ද දේශපාලන හිතවත්කම් මත පමණක් ලබාදී ඇති බවත් ගුරු විභාගයට පෙනී සිට සමත්වූ බහුතරයකට ඉන් අසාධාරණයක් සිදුවූ බවත් ඔහු පැවසීය.

මෙරටඅධ්‍යාපනයේ හිණි පෙත්තටම නැගි උපාධිදාරින්ට සිදු වී ඇති මෙම අසාධාරණය හාඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලෙස  මානවහිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

දිගින් දිගටමඋපාධිදාරීන් හා ඔවුන්ගේ පවුල් රවටමින් ආණ්ඩුව සිදු කර මෙම අමන ක‍්‍රියාකලාපය නතර කරන ලෙසටත් පොරොන්දු වූ පරිදි සියළු උපාධිදාරීන්ට වහා රැකියාලබා නොදෙන්නේ නම් දිස්ත‍්‍රික් මට්ටමින් හා ජාතික තලයේ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය තීරණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts