මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම ඇණහිටී.

Spread the love

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කිරීම සඳහා යොදාගන්නා උපකරණ ක්‍රියාවිරහිතවීම හේතුවෙන්, අද (13 සෙනසුරාදා) උදෑසන සිට මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මාතර මහ රෝහල සතුව මෙවන් ජීවානුහරණ උපකරණ 5ක් තිබුණද ඒවායින් 4ක්ම මෙයට පෙර ක්‍රියාවිරහිත වී තිබුණු අතර ජීවානුහරණය සඳහා යොදාගත් අවසන් උපකරණයද ඊයේ දිනය තුළ ක්‍රියාවිරහිත වී තිබේ.

මෙම උපකරණ ක්‍රියාවිරහිත වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද අවසන් උපකරණයත් ක්‍රියාවිරහිත වන තෙක්ම ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බවද රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර දිවයිනේ රෝහල් ගණනාවකම විවිධ අර්බුධකාරී තත්ත්වයන් පැන නැගීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. අනුරාධපුර ශීක්ෂණ රෝහල සහ ඇඹිලිපිටිය රෝහල අශ්‍රිතවද මෙවැනි ගටළුකාරී තත්ත්වයන් පසුගිය සතියේදී වාර්තා විය.

RSL

Related Posts