කුඩා මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ආනයනය ඉහළට – ජේ. අමාත්‍ය සරත් අමුණුගම

Spread the love

වර්තමානයේ දී මෙරටට ආනයනය කරන අඩු සිලින්ඩර් ධාරිතාවේ කුඩා මෝටර් රථ හා ත්‍රී රෝද රථ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

මෙම ඉහළ යෑමට ප්‍රධාන හේතුව වන්නේ අනෙකුත් වාහන හා මෙම වාහන අතර තිබෙන බදු පරතරයයි.

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා (12 අගෝ.) මේ බව පැවසීය.

මේ බදු සකස් කරන කොට අප බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රමාණයකට ආනයනය ඒ ඒ වාහනවලට ඇතිවෙයි කියලා. ඒ අනුවයි බදු ක්‍රම සකස් කරන්නේ. මෙතනදි වඩා හොඳ දෙයක් ප්‍රගුණ කිරීමට ඉතා ම අඩු බදු ලැබීම තුළින් ආනයන ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වුණා.

මෙහිදී අදහස් දැක් වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක මහතා; බදු ප්‍රතිපත්තිය ස්ථාවර, සරල, රටට ගැළපෙන දේශයට ගැළපෙන ලෙස කරන්නට කැමතියි. අවුරුදු තිහක යුද්ධයෙන් පසු රටේ ආර්ථික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් සිටින වෙලාවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

RSL

Related Posts