සිමෙන්ති මිල නංවන්න සමාගම් 3ක් අවසර ඉල්ලයි

Spread the love

ලෝක වෙළඳපොළෙහි සිමෙන්ති අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම හේතුවෙන්, එක් සිමෙන්ති කොට්ටයක මිල රු. 35 කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස සමාගම් 3 ක් ලිඛිතව ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙසේ මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇත්තේ අල්ට්‍රාටෙක්, ටෝකියෝ සිමෙන්ති සහ ලෆාජ් යන සමාගම් 3 යි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකාරියේ මිල කමිටුව මේ සතියේදී රැස්වීමට නියමිතය.

RSL

Related Posts