ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ඇමෙරිකාවට ‘නීතිය කියා දෙයි’

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට …

Continue Reading

රනිල් ? සජිත්ද ? එය සිරිකොතට මිස රටට අදාල ප්‍රශ්නයක් නොවේ

UNP අර්බුදයට බලි ශාන්තියක් කිරීමට සූදානම් වේ. බලියේ නම ‘නායකත්ව මණ්ඩල අඩව්වය’. ඒ සඳහා කරු ජයසුරිය වෙස් බඳින බවක් අඟහරුවාදා සවස ලංකා ඊ ප්‍රෙස් වාර්තා කළේය. කරු ජයසුරිය යනු දින 51 තුච්ඡ පාවාදීමට අයෝමය ශක්තියෙන් මුහුණ දුන් චරිතය පමණක් නොවේ. සුප්‍රකට නායකත්ව මණ්ඩලය හරහා, 2013 එජාපය ජයග්‍රාහී මානසිකත්වට ළං කළ ක්‍රියාධරයා වේ. ඔහු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා වූ නිසාවෙන්  ඌව පළාත් …

Continue Reading

අපි නිපදවූ චන්ද්‍රිකාවක්‌ අපේ පෘතුවිය වටේ යනවායි සිතෙන විටත් සතුටුයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්‌ෂණය සහිත චන්ද්‍රිකාවක්‌ නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා දින රාත්‍රී කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. තරිඳු 26 දින රාත්‍රී 11.15 ට හොංකොං සිට පැමිණි කැතේ පැසිපික්‌ ගුවන් සේවයේ සී.එක්‌ස්‌.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී රැස්‌ව …

Continue Reading

“කරු” නම් වන ඔහු කවුරුද..?

මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාල­ක­යකු ඉල්ලා සිටී. එවන් පාල­ක­යන් තම දරුවා කප්පම් උදෙසා පැහැ­ර­ගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් …

Continue Reading

රාජපක්ෂලා යනු තම පාක්ෂිකයින් වහලුන් යැයි සිතන අයවලුන්; ඔවුන් කිසිදා වෙනස් වන්නේම නැත

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් …

Continue Reading

ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ

පසුගිය මැයි 03 වැනිදා ‘ලෝක පුවත්පත් නිදහස්‌ දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස්‌ ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක්‌ නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම …

Continue Reading

ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම

මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට …

Continue Reading

පිළිකාකාරයක් වන ග්ලයිෆෝසේට් මඟින් වඳභාවය, සිරෝසිස්, ඔටිසම් ඇතුළු රෝග රැසක්! වෛද්‍යවරු දැඩිව තහවුරු කරති; ඔබත් ගොදුරක්ද..? වහාම තහවුරු කරගන්න.

ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමේ රජයේ අමනෝඥ තීරණය” සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(14) අනාවරණය කර සිටියහ. පසුගියදා ග්ලයිෆෝසේට් අඩංගු …

Continue Reading

ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි. මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් ගැන මා දක්වන කරුණු සාවද්‍ය බවත් ජනතාව නොමග …

Continue Reading

කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම …

Continue Reading