කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

Spread the love

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය.

මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම අසත්‍ය ප්‍රචාර ගෙන යන ලදී.

නමුත් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ වලින් සහ එම සිදුවීම සිදුකළ මේජර්වරයාගේ පාපොච්චාරණයෙන් මෙහි සත්‍යය අනාවරණය වී ඇත.

මෙම සැලැස්ම සිදුකළේ කවුරුන්ද? ඒ කුමන අරමුණකින්ද?

යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක් තුල පසුගියදා සිදුවුන පිපිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා. අනතුරෙන් පසු අත් බෝම්බය රැගෙන ආ බවට සැක කල මේජර්වරයා බරපතල ලෙස තුවාල ලැබීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අසාර්ථක වී තිබුනා.

කෙසේ වෙතත් පසුගිය 28 වනදා සිද්ධියට සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස මේජර්වරයාගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණා.

අදාල මේජර්වරයා සිදුකල පාපෝච්චාරණයට අනුව ඔහු රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙලෙස බෝම්බය බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටියදී බස් රියෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ බසයෙන් බිමට වැටී බෝම්බය පුපුරා ගිය බවද මේජර්වරයා පාපෝච්චාරනය කර තිබනෙවා.

එසේම මෙම බෝම්බය 2015 වසරේදී මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක තිබී සොයා ගත් බවත්, පසුව බෝම්බය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවත් පොලීසිය ඉදිරියේ ඔහු කියා තිබෙනවා.

නිවස ඉදිකිරීමට සහ වෑන් රථයක් ගැනීම සඳහා ඔහු විවිධ පුද්ගලයන් හට ණය වූ බවත් මේ වන විට රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් එම පිරිස් වෙත ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇති ඔහු සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුපද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිකර ඇති බව සඳහන්.

තිදරු පියෙකු වන මේජර්වරයා මේ වන විට දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත,බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරිත් හල්පිටගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

කල දුටු කළ වල ඉසීමට ගත් ගෝඨා සහ සහචරයින්

මෙහිදී අප මාතෲ භූමියට එරෙහි මෙම අසත්‍ය කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචාරක කණ්ඩායම් බවට පත් වූ මිනීමරු කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන ඔහුගේ සහචරයින් වීම කැපී පෙනුනි. නමුත් රටේ අවාසනාවට කොන්දක් ඇති පිරිමියෙක් එම විෂයභාර අමාත්‍යවරයා ලෙස නොසිටියාදෝ යන සැකය රටටත් ලෝකයාටත් ඉස්මතුව පෙනින.

මේ සඳහා රාජපක්ෂ රෙජීමයේ සහ විශේෂයෙන්ම මිනීමරුවකු වීරයෙකු ලෙස පෙන්වමින් රජ සිහින දකින ගෝඨාගේ සහචරයින් සමාජ ජාල, ප්‍රවෘත්ති සාකච්ඡා, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කොටි ත්‍රස්තවාදීන් යළි ඇතිකිරීම වෙනුවෙන් කඩේ යනු දක්නට ලැබින.

යුද්ධය විකුණා කෝටිපතියෙකු වූ කාඩ්බෝඩ් වීරයාගේ රෙදි ගැලවී යන අයුරු

මේ අතරින් මෑතකදී පොතක් ගසමින් කාඩ්බෝඩ් සෙන්පතියා බවට පත් වූ මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රකාශය සුවිශේෂීය. යුද්ධයේ මුල සිට අග දක්වා සිටියේ තමා බවත්, ප්‍රභාකරන් මරණ සටනේ නන්දිකඩාල් තරණය කළ කෙනා තමා බවත් කෙබර ගසමින් යුද්ධය අලෙවි කොට දෙස්-විදෙස් ශ්‍රී ලාංකිකයින් ගොනාට ඇන්දවූ මෙම කමල් ගුණරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “යුද භූමියේ සිටි හමුදා නායකයෙකු වශයෙන් ලත් අත්දැකීම් අනුව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්නවා යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි සිද්ධියක් බව”යි.

මෙයින් යුද්ධ පෙරමුණේ නායකත්වය දුන්නා කියා රටේ ජනතාවට යුද්ධය විකුණා කෝටි ගණනක් උපයා ගත් කමල් ගුණරත්නගේ යුද දැනුමේ තරම මැනවින් අවබෝධ කරගත හැක.

එසේම අපට මෙයින් යළි සුපැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් ගෝඨාභය සහ ඔහු වටා වීරයින් සේ එක් රැස් වී බලය වෙනුවෙන් පොරකන අයවලුන්ගේ සැබෑ තත්වය සහ ඔවුන්ගේ යුද දැනුමේ ප්‍රමාණයයි. මොවුන් මේ යුද්ධ සහ කොටි මවමින් රජ වීමට සිහින දකින්නේ කුමක් සඳහා දැයි පැහැදිලිය.

නිවටයින් සේ නොසිට ක්‍රියාත්මක විය යුතු ආණ්ඩුවක අවශ්‍යතාවය

අපට ජනතාව හමුවේ අවධාරණය කළ යුතු දෙයක් ඇත. එනම් මෙලෙස විවිධ සෙප්පඩයින්ට තම දේශපාලන න්‍යාය පත්‍රවෙනුවෙන් රටේ ජාතික ආරක්ෂාව සමච්චලයට ලක්කරමින් පදනම් විරහිත ප්‍රචාර ගෙන යෑමට හැකියාව ලැබී ඇත්තේත්, නීතිය ක්‍රියාත්මක නොවී ඔවුන් නිදහසේ සැරිරෙන්නේත් මේ ආණ්ඩුවේ කොන්දක් නිවට කම නිසාවෙන් බවද කිව යුතුය.

“නීතිය හා සාමය” විෂය භාර අමාත්‍යවරයාට මේ පිළිබඳව සොයා බලා මෙවැනි සිදුවීමකදී ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන අයවලුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එය ක්‍රියාත්මක කිරීමේ බලය සහ වගකීම රට වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් භාරගත යුතුය.

RSL

Related Posts