ඇලෝසියස් සහ පලිසේන යළි ඇතුළට

Spread the love

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන මාර්තු මස 08 වනද හෝ ඊට ප්‍රථම අධිකරණයේ පෙනී සිටින්නැයි සිදු කළ නියෝගය ට අනුව වෙනත් නියෝගයක් සිදු කළ නොහැකි බව දැනුම් දූන් මහේස්ත්‍රාත්වරිය එදිනට සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවන්නේ නම් සුදුසු නියෝගයක් සිදු කරන බව දැනුම් දුන්නාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර සැකකරුට කුරියර් සේවය හරහා දැනුම් දී ඇති බවත් අබේසේකරගේ විද්‍යුත් ලිපිනයෙන් ඊමේල් පණිවිඩයක් සහ ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ඇති බවත් සැකකරු ගේ සිංගප්පූරු ලිපිනයේ සැකකරු නොමැති බවට නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මහබැකූවේ ඇති බැඳූම්කර ගනූදෙනූවලට අදාළව තත්කාලීන දළ නිපැයුම් පද්ධතිය ගිණුමේ මිලි2.2 ට යම් වැඩි මූදලක්ද ස්ටෑන්ඩර්ඩ් ඉකොනමි ෆිනෑන්ස් ගිණූමේ බිලියන 9.2ක දළ වශයෙන් මූදල් ඇති බවත් නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් අසනීප තත්වය සම්බන්ධයෙන් ජනාධිපති නිතිඥ මඩුල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අසනීප තත්වය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට මහේස්ත්‍රාත් වරිය දැනුම් දුන්නා.

සැකකවන්ගෙන් බන්ධනාගාර යේ සිටියදී මාර්තු 03 දින සිට 15වනදා දක්වා ප්‍රකාශ ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඇතැම් ගිණුම් වලට නිති විරෝධී මුදල් බැර වි නොමැති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බැවින් ඇතැම් ගිණුම් අත්හිටුවීමේ නියෝගය මහාධිකරණය ට කරූණු දක්වමින් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, ඇතුළු ජනාධිපති නිතිඥවරුන් ප්‍රමුඛ නිතිඥ මඩුල්ල සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 02 දා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය අධ්කරණයේ පෙනී සිටි අතර ඔවුන් ලබන (15)තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ට පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී නැති බැවින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නිතිඥ මඩුල්ල ලීඛිත දේශන ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර සහ ඇතුළු නිලධාරීන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

RSL

Related Posts