අනවසරෙන් විවාහ වුණු පොලීසියේ 149 නැවත සේවයට

ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්ය. ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු කල පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම …

Continue Reading

සයිටම් විරෝධී වැඩ වර්ජනයට දුම්රිය සහ තැපෑලත් එක්වෙයි

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා දුම්රිය වෘත්තීය සංගම් සහ තැපෑල් වෘත්තීය සංගම්ද එක්ව තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සයිටම් විරෝධී සටනට සහය පළකරමින් හෙට දිනයේ බස් රථ ධාවනයෙන් ඉවත්වන බව මීට පෙර පැවසීය. සයිටම් උපාධි අලෙවි ආයතනයට සහය පලකරමින් මේ අනුව හෙට දිනයේ ශ්‍රී ලංකා …

Continue Reading

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයකට නාමල් රාජපක්ෂ ඇතුළු 5කට නොතීසි

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන එය උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබේ. මුදල් විසුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතාට ලබන 06 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය …

Continue Reading

අද රථ වාහන පොලිසිය සිවිල් ඇඳුමින් රාජකාරියේ

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් …

Continue Reading

සූර් වුණු තරුණ සේවා සභාපති මාධ්‍යවේදීන්ට තඟ දමයි!

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැලිය අතරතුර ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ නැමැත්තා විසින් වෙබ් මාධ්‍යවේදියෙකුට තර්ජන කොට ඇතැයි වාර්තාවේ. මෙලෙස තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් තර්ජනය කර තිබෙන්නේ ගොස්සිප්99 වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කවිඳු දිල්ෂාන් වෙතයි. අදාල වෙබ් අඩවිය විසින් 2015 වසරේ නොවැම්බර් මාසයේදී පළකළ පුවතක් සම්බන්ධයෙන් මෙම තර්ජනය එල්ල වී තිබෙනවා. …

Continue Reading

අමාත්‍ය රවී පොරොන්දු පරිදි ගොවි වන්දිය ගෙවෙන්නේ මෙහෙමයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත. මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රු. 10,000 ක …

Continue Reading

ගීතාගේ මන්ත්‍රීධුරය නීති විරෝධී එකක් බව අධිකරණයේදී තහවුරු වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ. අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකඟතාවය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි. ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් …

Continue Reading

SAITM විරෝධී සටනට ලංගමයත් එක්වෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් දිවයින් පුරා රජ්‍ය හා පෞද්ගික ක්ෂේත්‍ර ගණනාවක විරෝධතා වැඩවර්ජනය දිත්වෙමින් පැවතියද ආණ්ඩුව ඊට කන් නොදී සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සැකසීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා (05) වැඩවර්ජනයක් කැඳවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ශ්‍රී …

Continue Reading

බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය. අපේ රටේ සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය බැඳුම්කර වංචාව නිසා ඊට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් මහතා …

Continue Reading

සයිටම් උපාධි කඩයට එරෙහි ත්‍රිත්ව බලවේගයක පළමු වෙඩි මුරය 05 වනදා! (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය පිළිබඳ ගැටළුව මූලික කරගනිමින් එළඹෙන මැයි මස 05 වන දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම වැඩ වර්ජනය සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් යුතුව පවත්වන බව හෙතෙම අද (02) හෝමාගම රජයේ රෝහල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීමක් …

Continue Reading