එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ.
අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකඟතාවය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි.
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සමක් විභාගයට ලක් කිරීම හේතුවෙන් මෙම නියෝගය ඉදිරිපත්කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රීක්කයේ පදිංචි ඡන්දදායකයන් හතර දෙනෙකු විසින් 2015 වසරේ මාර්තු මාසයේදීය.