SAITM විරෝධී සටනට ලංගමයත් එක්වෙයි

Spread the love

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් දිවයින් පුරා රජ්‍ය හා පෞද්ගික ක්ෂේත්‍ර ගණනාවක විරෝධතා වැඩවර්ජනය දිත්වෙමින් පැවතියද ආණ්ඩුව ඊට කන් නොදී සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සැකසීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා (05) වැඩවර්ජනයක් කැඳවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ආණ්ඩුව ගන්නා උත්සහය ප්‍රතික්ෂේප කරන බවත් මෙමගින් රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාකප්පල් වනබවත් එම එකමුතුවේ කැඳවුම්කරු සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පෙන්වා දෙයි.

බස් රියදුරකු හෝ බස් කොන්දොස්තරවරු මෙන් වෛද්‍යවරු බිහි කළ නොහැකි බව අවාධාරණය ඒ මහතා සයිටම් අහෝසි කරන තුරු එම එම සටනට ශක්තිය ධෛර්යය සපයමින් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

RSL

Related Posts