උමා ඔය විනාශයට එරෙහිව විරෝධතා (Video)

උමා ඔය ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධව බණ්‌ඩාරවෙල නගරයේ අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (28 දා) දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්විණි. උමා ඔය ජල ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව සඳහා බණ්‌ඩාරවෙල අවට ගම්මාන රැසක ජනතාව එක්‌රැස්‌ වී සිටියහ. මෙම විරෝධතා ව්‍යාපාරයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ. මේ නිසා නගරයේ සියලු කඩ සාප්පු වසා තිබුණු අතර, බස්‌ රථ හා සියලු වාහන …

Continue Reading

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ඉලක්කම්වලින් ලියන්න පුළුල් තිරයත් මදි -CB පරිගණක අංශයේ අධ්‍යක්‍ෂ

තමා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පාලනය යටතේ ඔහුගේ බෑනාගේ සමාගමත් සමඟ සිදුකළ ගනුදෙනු කිහිපයකින් සිදුවූ ක්ෂණික අලාභය පමණක් බවත් එකී ගනුදෙනුවලින් දිගින් දිගටම වසර 30ක් පුරා සිදුවන අලාභය ගණනය කළා නම් ඒ ඉලක්කම් ගණන ලියන්නට පුළුල් තිරයද ඉඩ මදි වනු ඇති බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක අංශයේ අතිරේක …

Continue Reading

සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ ප්‍රතිපත්තියක් නැති, එක පක්ෂෙක අවුරුදු 5ක් වත් ඉන්න බැරි අපතයෝ ටිකක් – නලින් ජයතිස්ස (Video)

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමන සඳහා එක් වෙමින් නලීන් ජයතිස්ස මහතා මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ජයතිස්ස මහතා මෙසේ පැවසීය. එස්.බී දිසානායක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය එහෙමයි එම ප්‍රතිපත්තියක, එක පක්ෂයක එක දිගට අවුරුදු 5ක් නොසිටි අය. අපි ආණ්ඩුවට මතක් කරනවා උගතුන්, බුද්ධිමතුන් පාරේ නවත්වපු කිසිම …

Continue Reading

එජාප පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්! පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් හදිසියේම අගමැති හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 දෙනෙකු හදිසියේ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙහිදී එම මන්ත්‍රීවරුන් ජනපදනමක් නොමැති ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයට සිදුව ඇති අගතිය සහ ජනපදනමට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත. පසුගිය කාලසීමාව තුළ ජනපදනමක් ඇති ඇමතිවරුන්ගේ …

Continue Reading

නාමල්ව යළිත් ඇප මත මුදා හැර දමයි

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් වන නඩුව අද(28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් …

Continue Reading

සයිටම් විරෝධී පා ගමන මර්දනයට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට කොටුව දෙසට ගමන් කිරීමට නියමිත පා ගමනක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් මෙම පා ගමන සංවිධානය කර ඇති බවය. එම පා ගමන සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය …

Continue Reading

පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් මැතිවරණ කොමිෂන් සභාවට යයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාවේ ආයතන විස්සක පමණ කේවල හා බහු ආසන වෙන් කිරීමේදී දෝෂ රැසක් සිදුවී ඇති බව පොදු ජන පෙරමුණේ මැතිවරණ නිත්‍ය නියෝජිත කණ්ඩායම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත. මෙසේ පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ මැතිවරණ නිත්‍ය නියෝජිතයන් අතර ඊයේ (27දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති රැස්වීමේදීය. පොදු ජන පෙරමුණේ නිත්‍ය නියෝජිත …

Continue Reading

බදු නොගෙවා සුපිරිම ජීවිත ගතකරන්නේ අපේ හාමුදුරුවරු – පූජ්‍ය වනවාසී රාහුල හිමි

විහාර දේවාලගම් පනත සංශෝධනයට ලක් කර ඉපැරැණි විහාරස්ථානවලට ලැබෙන ආදායම් රජයට ලබාගෙන එමඟින් අරමුදලක් ඇති කොට නොදියුණු විහාරස්ථාන දියුණු කිරීමටත්, භික්‍ෂුන් වහන්සේලාගේ සහ බෞද්ධයන්ගේ සුබසිද්ධිය සඳහා යෙදවීමටත් කටයුතු කරන ලෙසටත් තමන්වහන්සේ ආණ්ඩුවට විවෘත යෝජනාවක් කරන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති. පසුගිය 25 වැනිදා පෙරවරුවේ අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. …

Continue Reading

සමූහ දූෂණය කොට ඝාතනය කළ විද්‍යා ශිෂ්‍යාවගේ ඝාතන නඩුව අද අරඹයි

ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ වෙයි. මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් ක‍ළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් …

Continue Reading

කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා …

Continue Reading