දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්ට
අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එක්ව සිටිති. අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 …
Continue Reading
අයවැය 99න් සම්මතයි
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
Continue Reading
ඇමතිගෙන් රතු එළි; ජනපතිගෙන් නියෝග
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ කටයුතු කිරීමට තීරණය කල බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ වන විට පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ පවසා ඇත. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා අත්සන් තබන …
Continue Reading
හම්බන්තොට වරාය අද සිට චීනයට; වසර 25ක බදු නිදහසක්
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාර්යය අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන බවට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී සිදු වන මෙම කටයුත්තට අගමැතිවරයා, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා සහ චීන රජයේ නියෝජිතයන් එක්වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චීනයට භාරදීමේ කටයුත්ත වඩාත් නීත්‍යානුකූල කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට අති විශේෂ ගැසට් පත්‍ර දෙකක්ද ඉදිරිපත් කර තිබිණි. ඒ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත …
Continue Reading
සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි. ජාතික සුරක්ෂා සිසු රක්ෂාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07) පැවති ජාතික උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …
Continue Reading
සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී
දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) මඟින් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අගය කිරීම සඳහා ආරම්භ කරන ලද ඊ ස්වාභිමානී රාජ්‍ය සම්මාන ප්‍රදානයට …
Continue Reading
ප්‍රධානියා නියෝග කළ නිසා නව හැඳුනුම්පත නිකුත් කළා
සැකකාර ශෂි වීරවංශ මහත්මිය ප්‍රථම වරට ජාතික හැඳුනුම්පතක් ලබාගත යුතු වයස අවුරුදු 16 ට බෙහෙවින් වැඩි තැනැත්තියක බව පෙනී ගියත් සිය ප්‍රධානියා වන කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද නියෝගය අනුව ඇයට නව හැඳුනුම්පතක් එක්දින සේවය යටතේ කඩිනමින් නිකුත් කිරීමට පියවර ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරි ප්‍රභාත් රාඡේන්ද්‍ර පෙරේරා මහතා ඊයේ (07 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී …
Continue Reading
කලකට පසු හමූ වූ මිතුරන් දෙදෙනා සතුටු සාමිචීයේ
ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය ජනාසී මෙනවිය අතර ඊයේ (07 වැනිදා) කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අත්සන් තැබූහ. මංගල උත්සවයේදී ඔවුන් දෙදෙනා විනාඩි විස්සක ඉතා සුහද …
Continue Reading
හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය
හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ ඊයේ (7) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරේ. මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු පසු ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම සහ …
Continue Reading
සාකච්ඡා අසාර්ථකයි; දුම්රිය වර්ජනය දිග්ගැස්සෙයි!
දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයද තීරණය කර තිබේ. මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔවූහු කියා සිටිති. මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන …
Continue Reading