සහල් – පොල් රටින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය
මහා භාණ්‌ඩාගාරයේ අධීක්‌ෂණය මත ඕනෑම පෞද්ගලික ආයතනයකට සහල් ආනයනය කිරීම සඳහා ඉඩ ලබාදීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. උත්සව සමයේ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අතර සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්‌ෂණය යටතේ මෙලෙස පොල් ආනයනය කෙරේ. මෙයට අමතරව පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය …
Continue Reading
ඡාවාරම් රැසක් එළියට! අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට!
-
RSL
-
December 7, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ගල්ගමුවේ දළපූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සහ පිටරටින් නීති විරෝධීව ගෙනෙන ලද කුරුල්ලන් රැසක් නිසි ක්‍රමවේදයකින් තොරව සිය ඥතියකුට ලබාදීම යන චෝදනා මත තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් නෙරපීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. විදෙස් රටකින් නීති විරෝධීව ගෙන්වන ලද කුරුල්ලන් නිසි අවසරයකින් තොරව හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට …
Continue Reading
පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයි
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳ අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ …
Continue Reading
උද්ඝෝෂකයින් පාලනයට පොලිස් සුනඛයන් කරපටි නොමැතිව යවයි
නීතිවිරෝධී අන්දමින් සිදුකරන මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස් සුනඛයන් පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස් කර එම පෙළපාලිවලට යවන බව පොලිස් ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. මෙසේ කරපටිය නිදහස් කර ඉදිරියට යවන පොලිස් සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස් බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම පොලිස් සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ …
Continue Reading
පාසැල් නිවාඩුව 8 දා සිට
-
RSL
-
December 6, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරය ලබන 8 වැනිදායින් (අනිද්දා) අවසන් කෙරෙන අතර නව වසර (2018) සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ජනවාරි මස 2 වැනිදාය.
Continue Reading
අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්‌වා වර්ධනය වෙමින් ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සහ එම මුහුදු කලාපයේ තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දිවයිනට කිලෝ මීටර් දෙසීයක් ඔබ්බෙන් ඊසාන නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශවල සුළඟේ …
Continue Reading
ගෝඨාගේ පෙත්සම යළි සලකා බැලීම අද
දිවංගත ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. එම පෙත්සම සලකා ඉකුත් …
Continue Reading
රත්නපුරයේ එච්. අයි. වී. ආසාදන ප්‍රවණතාවක්
-
RSL
-
December 5, 2017
-
පුවත් සහ වාර්තා, විමර්ශන, සෞඛ්‍යය
-
0 Comments
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බොහෝ දෙදෙනක් මත්ද්‍රව්‍ය විද ගැනීම් නිසා එච්. අයි. වී. ආසාදිතයන් වීමේ ප්‍රවණතාවක්‌ද මතුව තිබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ චමින්ද පියසේකර මහතා පැවැසීය. දැනට හෙරොයින් භාවිත කරන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන අතර එය ද එච්. අයි. වී හා සමාජ රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වන බව තවදුරටත් පැවැසීය.
Continue Reading
මැකෝ තදින් සිටී -මැතිවරණ සමයේ බඩු බෙදුවොත් බලාගෙනයි
පළාත් පාලන මැතිවරණ සමයේ ඡන්ද ඉලක්ක කර ගනිමින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කිසිදු වැඩ සටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවත් එමෙන්ම වැනි වැඩසටහන් සඳහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් කිසිම ආඅකාරයකින් සම්බන්ධ කර නොගන්නා ලෙසත් මැතිවරන කොමිසම අදාළ බලධාරීන්ට ලිඛිතව දන්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම් වරුන් පළාත් පාලන ලේකම් වරුන් , අමාත්‍යංශ ලේකම් වරුන් …
Continue Reading
සීමා නිර්ණ වාර්තාවේ පැවැති අඩුපාඩු නිසා කල් දැමූ නාමයෝජනා අද කැඳවයි
අධිකරණ අතුරු වාරණ නියෝගය හේතුවෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවූ පළාත් පාලන ආයතන 248 ක නාම යෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් විශේෂ නිවේදනය අද (4 වැනිදා) මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිතය. මෙම නිවේදනය නිකුත් කිරීම දිස්‌ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. අද (4 වැනිදා) මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පළාත් පාලන ආයතන 341ක ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස 10 වැනිදා …
Continue Reading