සීමා නිර්ණ වාර්තාවේ පැවැති අඩුපාඩු නිසා කල් දැමූ නාමයෝජනා අද කැඳවයි

Spread the love

අධිකරණ අතුරු වාරණ නියෝගය හේතුවෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවූ පළාත් පාලන ආයතන 248 ක නාම යෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් විශේෂ නිවේදනය අද (4 වැනිදා) මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිතය.

මෙම නිවේදනය නිකුත් කිරීම දිස්‌ත්‍රික්‌ තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

අද (4 වැනිදා) මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පළාත් පාලන ආයතන 341ක ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස 10 වැනිදා හෝ ඊට පෙර දිනකදී පැවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

මේ අතර එකම දිනයක පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අත්‍යවශ්‍යව තිබූ අති විශේෂ ගැසට්‌ නිවේදන දෙකක්‌ ජනාධිපතිවරයාගේ හා විෂය භාර ඇමැතිවරයාගේ අත්සන් සහිතව මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවා තිබේ.

පළාත් පාලන සීමා නිර්ණ වාර්තාවේ පැවැති අඩුපාඩු නිවැරදි කිරීමේ ගැසට්‌ නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 01 වැනිදා අත්සන් කර ඇති අතර අශෝක පීරිස්‌ මහතාගේ සීමානිර්ණ කමිටු වාර්තාවේ මුද්‍රණදෝෂ නිවැරදි කිරීමේ ගැසට්‌ නිවේදනයට ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාත් අත්සන් කරන ලද බවත් එම නිවේදන මේවන විට මුද්‍රණායට භාරදී ඇති බවත් අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පැවැසීය.

RSL

Related Posts