කොන්ද පණ තියෙනව නම් අගමැති රනිල්ව එළවන්න කඩුව අතට ගන්න
ආණ්ඩු ගෙන ආ පනතක් ආණ්ඩුව විසින්ම පරාජය කිරීමේ ලෝක වාර්තාවක් පසුගියදා අපේ රට තැබූ බවත් අනෙක් රටවල් හෝන්දු මාන්දු වී මේ දෙස බලාගෙන සිටි අතර පරද්දන්නට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳව හෝ ජනාධිපතිවරයා සිය කඩුව අතට ගත යුතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වූ ජනහමුවකට එක්වෙමිනි. …
Continue Reading
පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට ජනවාරියේ තියනවාමයි
පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එම නිසා පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය 2019 ජනවාරි මාසයේදී පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග …
Continue Reading
ඇප ඇතිව ශ්‍රීලංකන් කෝටි 1290ක් ගිලලා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුවෙන් දී ඇති ණය මුදල් හයක් යළි අයකර ගැනීම සඳහා හොඳ අත්තිවාරමක් (භාණ්ඩාගාරයෙන් සහතික වීමක්) ලැබී නැතැයි පිළිගන්නා බව ලංකා බැංකුවේ අක්වෙරළ අංශයේ කළමනාකරු උපුල් කුමාර් විඡේගුණවර්ධන මහතා ඊයේ (27 දා) ශ්‍රී ලංකන් ගුවන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. අදාළ ණය මුදල් සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලැබී ඇත්තේ භාණ්ඩාගාර පහසුකම් සැපයීමේ ලිපි පමණක් බවද …
Continue Reading
ඇමැති අර්ජුනගේ සම්බාහන මධ්‍යස්ථානය වැසෙයි
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ඇමැතිවරයාව සිටිය දී වරායේ ආරම්භ කරන ලද සම්බාහන මධ්‍යස්ථානයේ සේවයට බඳවා ගත් වෛද්‍යවරිය සහ සහායිකාවන් තිදෙනාගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට වත්මන් ඇමැති මහින්ද සමරසිංහ තීරණය කර තිබේ. වරායේ සේවකයන්ගේ ආතතිය දුරු කිරීම සඳහා බව කියමින් අර්ජුන රණතුංග මහතා මෙම සම්භාහන මධ්‍යස්ථානය 2015 වසරේ දී ආරම්භ කරන ලදී. වෛද්‍යවරියක සහ සහායිකාවන් තිදෙනකු ඒ සඳහා බඳවා ගනු …
Continue Reading
ගෝඨාභයට අධිචෝදනා ගොනු වෙයි
මහා පරිමාණ බරපතළ මූල්‍ය වංචා විභාග කිරීම සඳහා කොළඹ අලුත්කඩේ ස්ථාපිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන දෙවන නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සත් දෙනකුට එරෙහිව පසුගියදා (24) අධිචෝදනා ගොනු කෙරිණි. ඒ අනුව රජයේ මුදල් රුපියල් මිලියන 91ක් අවභාවිත කරමින් තංගල්ල, මැදමුලන, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය …
Continue Reading
ජනපති උදැල්ල අතට ගනී..
ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(24) පොල්පිතිගමදී එක්වෙමිනි. මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග්‍රාමීය වැව් 2400 ක් …
Continue Reading
ඒකාබද්ධය මොන වෙඩිමුර පත්තු කළත් ආණ්ඩුව හොල්ලන්න බෑ.. බොරු සද්ද විතරයි
ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුව එළවීමට පළමු වෙඩි මුරය දැන් දහ වතාවක් විතර පත්තු කළා. ඒත් ආණ්ඩුව තවමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. කොපමණ වෙඩි මුර පත්තු කළත් තත්ත්වය ඒකයි යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය 2016 දී මැයි දිනයේ දී කිව්වා, ගාල්ලට අපි ලක්ෂ ගාණක් ගේනවා, එතකොට ආණ්ඩුව ඉවරයි කියලා. ඊට පස්සේ කොළඹ තවත් රැස්වීමක් තියලා කිව්වා, ආණ්ඩුව ඉවරයි …
Continue Reading
නටපු නැටුමකුත්, බෙරේ පළුවකුත් නැතිව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කර ගනී..
වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පරාජය ව තිබේ. පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවු අතර විපක්ෂව ඡන්ද 139 ක් හිමිවිය. මෙහි අනෙක් …
Continue Reading
පසුගිය ආණ්ඩුව වගේ අපි විදේශිකයන්ට ඉඩම් විකුණා නෑ
පසුගිය ආණ්ඩු සමයේ විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කර අයිතියට පවරා ඇති බවද මේ රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද කිසිවිටෙකත් විදේශිකයන්ට ඉඩම් විකුණා නැති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ (21) බද්දේගම නගරයේ පැවැති ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 4000ක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද …
Continue Reading
මැර ප්‍රහාරයට ලක්වූ ශල්‍ය වෛද්‍යවරයා නැතිව අනුරාධපුර ස්නායු ශල්‍ය දැඩි සත්කාරය වැසෙයි
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා සිටින ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීහු අටසියයකට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්වී සිටිති. පසුගිය 3 දා පේරාදෙණිය ගලහ මාර්ගයේ හිල්ඩා ඔබේසේකර මාවතේදී පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ ස්නායු විශේෂඥ …
Continue Reading