ජනපති-අගමැති සතර කන් මන්ත්‍රණයක්! 2025 දක්වා ගමන නොනැවතී ඉදිරියට!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 50ක පමණ කාලයක් පවත්වා ඇතැයිද සඳහන්ය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සීෂෙල්ස් හා නෝර්වේ – මහා මහා බ්‍රිතාන්‍යය සංචාරයන්ගෙන් අනතුරුව ඔවුන් දෙපළ පමණක්ම පෞද්ගලිකව හමු වී …

Continue Reading

විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලූ බවට ඇමති සුජීවට චෝදනා; ඇමති මලික්ගේ නම උපක්‍රමශීලීව හැලෙයි (Video)

ශ්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැතිය දීම සදහා රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගම චෝදනා කරයි. මීට පෙර මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තා වී තිබුණේ, වත්මන් රජයේ ආයෝජන ඇමති මලික් සමරවික්‍රම සහ ඇමති සුජීව සේනසිංහ විසින් මේ සඳහා කොමිස් ඉල්ලූ බවයි. එහෙත් …

Continue Reading

රොකට්ටුවක් උඩ අරින්න ජනපතිගේ සහය (Video)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනයේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban …

Continue Reading

මංගලගේ මොංගල් වැඩ නිසා ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන සටනට බසී.. (Video)

මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන ඔහුවත් නොදත් ඔහුගේ මිල සූත්‍රයට එරෙහිව මේ වන දසදෙසින් විරෝධතා නැඟෙන අතර බොහෝ ඒවා මංගල තම “මුදල් සහ ජනමාධ්‍ය” යන අමාත්‍යංශ දෙකෙහි බලය යොදවා සූක්ෂම මර්දනයකට ලක්කරන බවට …

Continue Reading

FCIDයේ විමර්ශන විහිලුවක් වෙයි!; වසර 2 කට පසු රථය නාමල්ගේ නොවෙයි කියා මුදා හරී

වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පවසමින් අරඹන ලද මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු දැමීම සහ ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආකාරය මේ වන විට විහිළුවක් බවට පත්ව ඇත. මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකරමින් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනියක් යැයි පවසමින් …

Continue Reading

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් එම ධූරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා පත් කරනු ලැබීය. මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු …

Continue Reading

ඇමති අර්ජුනගේ උපදේශකයින් මහා පරිමාණයේ කප්පම් ජාවාරමක!

ඇමැති අර්ජුන රණතුංග මහතා පත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන අංශයේ උපදේශකයන් දැවි තෙල් බෙදා හැරීමේ ප්‍රවාහන සේවාවලින් මහා පරිමාණ කප්පම් ගැනීමක් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අනාවරණය කරයි. එම සංගමයේ සභාපති ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මහතා පැවැසුවේ, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව බඳවා ගත් එකී උපදේශකයන් එක් අවස්ථාවක රුපියල් ලක්ෂ 8ක කප්පමක් ලබාගෙන ඇති …

Continue Reading

“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවලට බලපාන පොදු ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ “ඉන්දියානු සාගරය, අපගේ අනාගතය නිර්වචනය කිරීම” තේමාකොට ගත් සමුළුව ඊයේ (11 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කිරීම ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ …

Continue Reading

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …

Continue Reading

දුමින්දගේ බලාපොරොත්තු සුන්වෙයි! මරණ දඬුවම යළි තහවුරු කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ අභියාචනා නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරමින් ඔහුට ලබාදී තිබූ මරණ දඬුවම යළි තහවුරු කළේය. මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වන අනුර තුෂාර ද මැල් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අනුව විත්තිකාර දුමින්ද සිල්වා, …

Continue Reading