FCIDයේ විමර්ශන විහිලුවක් වෙයි!; වසර 2 කට පසු රථය නාමල්ගේ නොවෙයි කියා මුදා හරී

Spread the love

වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පවසමින් අරඹන ලද මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු දැමීම සහ ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආකාරය මේ වන විට විහිළුවක් බවට පත්ව ඇත.

මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකරමින් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනියක් යැයි පවසමින් අත් අඩංගුවට ගත් “මෂ්ටෑන්ක්” වර්ගයේ රථය එහි නියම හිමිකරු වෙත මුදාහරින ලෙස අධිකරණය නියම කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනියක් යැයි විශාල ප්‍රචාරයක් ඇති කිරීමට එදා FCIDය මාධ්‍ය හරහාත් දේශපාලනඥයින් හරහාත් කටයුතු කළේ කුමන පදනමකින්ද යන්න ප්‍රශ්නාර්ථයකි. අද වන විට අධිකරණය හමුවේ අනාවරණය වී ඇත්තේ, නාමල් රාජපක්ෂ විසින් තමාට හිමි මන්ත්‍රී තීරුබදු රහිත බලපත්‍රය මඟින් මෙය ආනයනය කර වසර 5ක් පාවිච්චියෙන් පසු ලක්ෂ අසූපහකට ඩබ්ලිව්.එම්.ශාන්තිනී නැමැත්තියකට විකුණා ඇති බවයි. වසර දෙකකට අධික කාලයක් FCIDය ඉදිරිපස මහපාරේ අව්වට, වැස්සට විනාශවෙමින් තිබූ මෙම රථය ඊයේ එහි වත්මන් හිමිකරුවන් වෙත මුදා හැරියේ කඩුවෙල අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවය.

RSL

Related Posts