මංගලගේ මොංගල් වැඩ නිසා ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන සටනට බසී.. (Video)

Spread the love

මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන ඔහුවත් නොදත් ඔහුගේ මිල සූත්‍රයට එරෙහිව මේ වන දසදෙසින් විරෝධතා නැඟෙන අතර බොහෝ ඒවා මංගල තම “මුදල් සහ ජනමාධ්‍ය” යන අමාත්‍යංශ දෙකෙහි බලය යොදවා සූක්ෂම මර්දනයකට ලක්කරන බවට වාර්තාවේ.

මුදල් ඇමති මංගලගේ මෙම තෙල් මිල සූත්‍රයට එරෙහිව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය, යතුරු පැදි හිමියන්ගේ සංගමය, ජාතික ස්වයං රැකියා හිමියන්ගේ සංගමය යන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඊයේ(12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කළහ.

ඔවුන් පෙන්වා දෙන්නේ මංගල තෙල් මිල සූත්‍රයට මුවා වී ජනතාවගේ මුදල් පොකට් ගසනා බවයි. ඔවුහු පින්සිරි මංගලට විරෝධය පා ඔහුගේ රුව සහිත බැනර්වලට ගිනි තැබූහ. මීට පෙර දිනයක මීගමුවේ ධීවරයින් තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ අතර එහිදී මංගලගේ පඹයෙකු පුළුල්ලා දැමීය. මෙහි දී ඔවුහු කොන්දක් නැති ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංගටද විරෝධය දැක්වූහ.

ආශ්‍රිත පුවත්: කරන දේ ගැනවත් දැනුමක් නැති ඇමතිකම කුමකටද?; ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ – ඇමැති මංගල

ආශ්‍රිත පුවත්: මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

ඔබට හොරෙන් මාස් පතා පොකට් ගහන මංගලගේ ස්මාට් කලාව

මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට

ආශ්‍රිත පුවත්: බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

ආශ්‍රිත පුවත්: මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!

RSL

Related Posts