කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා …

Continue Reading

ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ල වැඩිවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම …

Continue Reading

මහින්දගේ අගමැතිධුරයට එරෙහි පෙත්සමත් අධිකරණය විභාගයට ගනී

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන …

Continue Reading

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට වහාම ජනාධිපති කොමිසමක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා ඔවුන්ගේ තවත් වංචා – දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ඊයේ (25) ජනාධිපති නිල නිවෙසේදී විදෙස් …

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ) පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(25) පළමුවරට ජාතිය අමතමින් විද්‍යුත් මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය, ආර්ථිකයේ සිදුව ඇති කඩා වැටීම, ගෙවීමට සිදුව ඇති ණය යනාදිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

Continue Reading

කිසිඳු ලෙසකින් රනිල් යළි අගමැති නොකරන බවට ජනපතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක්!

යළි කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් නොකරන බවත් එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම සඳහන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සහතික විය. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන …

Continue Reading

එජාපයට කඩේ යන්න “චන්ද්‍රිකා-මංගල” සුසංයෝගයෙන් අලුත් ශ්‍රීලංකා ඇටවුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන “පිවිතුරු ශ්‍රීලනිප” යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට හිතවත් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයක මේ වන විට නියැලැමින් සිටින බවට වාර්තාවේ. මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිපයට සම්බන්ධ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සහ රාජපක්ෂ කඳවුරේ සිටින …

Continue Reading

බැඳුම්කරෙන් හංගපු සුපිරි සෙල්ලම් ටික නම්- ගම් සමඟ ලඟදීම එළියට; කට්ටිය ඇතුලට..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් …

Continue Reading

එජාප කිහිලිකරුවක් වූ කථානායක කරූට එරෙහිව රට පුරා විරෝධතා (Video)

මැතිවරණයක් ඉල්ලා ගාල්ල-රත්ගම මංසන්දියෙදි ඊයේ (24) මහජනතාව විසින් අත්සන් තැබිමක් සිදු කළේය. ඉන් අනතුරුව එම පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් කථානායක කරු ජයසූරියට සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විරෝධය පළකරමින් විරෝධතාවයක්ද පැවැත්විය. මෙම පිරිස කථානායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ අනු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාවය පැවැත් වීය.

Continue Reading

දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …

Continue Reading