ව්‍යවස්‌ථා සංශෝධනය රට ඇවිලවීමක්- පූජ්‍ය අතුරලියේ රතන හිමි

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට නැවතත් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් සන්නද්ධව අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට සහ ආගම්වාදයට රට නැවතත් ඇදදැමීම මේ මගින් සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) ජාතික …

Continue Reading

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස්‌ නොකිරීමට ඊයේ (25) රැස්‌ වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත් එහි අඩුපාඩුවක් ඇත් ද යන්න අද දිනයේ දී සාකච්ඡා කළ බවත් එහිදී පවතින අවම ප්‍රමිතියේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ …

Continue Reading

විමල්ගේ කතා පක්ෂයේ මතයන් නොවෙයි; පක්ෂය විමල්ව ප්‍රසිද්ධියේම කිච වෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. එය මන්ත්‍රී වරයාගේ පෞද්ගලික අදහසක් බව ඊයේ(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පියසිරි විජේනායක මහතා පැවසීය. මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති …

Continue Reading

රට පනින්න මාන බැලූ ඇලෝසියස්‌ට වැට බඳී

බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අනාවරණය වූ කරුණු අනුව ඔහු ඇතුළු සිවු දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කරුණු දැක්‌වීමක්‌ පිළිගත් තම අධිකරණය එම විදේශගත වීම තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව පැමිණිල්ලක්‌ හෝ චෝදනා පත්‍රයක්‌ ගොනු කර ඔහු අධිකරණය හමුවට පමුණුවා නොමැති අවස්‌ථාවකදී එවැනි ඉල්ලීමකට අවසර ලබාදීමේ හැකියාවක්‌ නොමැති බව පෙන්වා …

Continue Reading

රන්ජන් නොතිසී නැතුව උසාවි ගිහින්

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණයෙන් කිසිඳු නොතීසියක් තම සේවා දායකයාට ලැබී නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරම් මහතා අද(25) අධිකරණය හමුවේ පවසා ඇත. ඒ අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුවයි. මාධ්‍යවල පලවු වාර්තා පදනම් කරගෙන අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු වැඩි දුරටත් මෙහිදී කියා ඇත. …

Continue Reading

පාතාල මැරයින් බේරාගන්න පොලිසියට තඟ දැමූ ඇමතිවරු කවුද..?

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටින මෙම පාතාල නායකයන් දෙදෙනා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ද වාර්තා වෙයි. මෙම පාතාල නායකයන් …

Continue Reading

මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ පදිංචව සිටි බවත් මොහුට දාව එම බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු මේ වනවිට කුරුණෑගල ලක්දාස් විදුහලේ අධ්‍යාපනය ලබමින් …

Continue Reading

බැඳුම්කර කොමිසමේ කාලය යළි ඇදෙයි

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය තවත් සති 06කින් දීර්ඝ කර තිබේ. කොමිසමේ ලේකම්, සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ, කොමිසමේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 08 වන දා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව ය. මේවන විට බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් සිදුකොට අවසන් අතර වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවට වාර්තාවේ.

Continue Reading

විමල්ගේ දේශපාලන ඉරණම තීන්දු කරන ලිපිගොනුවක් නීතිය ඉදිරියට

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළාය. මෙම සිද්ධියේ ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි …

Continue Reading

මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා යම් යම් මුදල් ගනුදෙනු පෞද්ගලික ගිණුම්වලට යවා ඇති බවත් ජනතා මුදල් …

Continue Reading