මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

Spread the love

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ.

මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ පදිංචව සිටි බවත් මොහුට දාව එම බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු මේ වනවිට කුරුණෑගල ලක්දාස් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටින බවත් පොලිසිය හෙලි කරගෙන ඇත.

පසුව 2011 වර්ශයේ බිරිඳගෙන් දික්කසාද වී මහණ වී ඇති බව හෙලි වී ඇත. හිමිනමක් ලෙස සෑදූ හැඳුනුම්පත පැවිදි වූවාට පසු සාදන ලද්දක් බව පොලිසිය පවසයි. ඉන්පසු 2015 වර්ෂයේදී නැවත කොළඹ ප්‍රදේශයේ තරුණියක් රවටා සම්බන්ධකමක් පවත්වා ඇති බවත් මොහු හිමිනමක් බව සඟවා ඇය සමඟ සම්බන්ධකමක් පවත්වා ඇති බවත් ඇය ගැබිනියක් වීමෙන් පසු ඇය හා විවාහ වී දරුවාගේ උප්පැන්න සහතිකය සෑදීමට චාමර තෙන්නකෝන් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් හිතවතෙකුගේ මාර්ගයෙන් සකසා ගත් බවත් මොහු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සැඟව සිටියදී නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී මොහුව අත් අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු සතුව තිබී හැඳුනුම්පත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඉන් එකක නම තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර නමින් ඇති අතර 2017 07 05 වන දින ලියාපදිංචි කොට තිබෙනවා..

අනෙක් හැඳුනුම්පතේ අරඹේපොල රත්නසාර හිමි නමින් ඇති අතර එය 2011.12.09 වන දිනයි ලියා පදිංචි කොට ඇත්තේ. ඒ අනුව මෙම පුද්ගලයා මේ වනවිට ස්වාමින්වහන්සේ කෙනෙක් වශයෙන් පෙනී සිටියාට එසේ නොවන බව සනාථ වී අති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව අධිකරණය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරනු ලැබූ එම පිරිස වෙනත් රටවලට පිටත් කරන තුරු ගල්කිස්සේ නිවාසයක රඳවා සිටියහ.

ඒ අතර “නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්” රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින උද්ඝෝෂකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව එතනින් ඉවත් කිරීමට පොලිසියට සිදු විය.

ඉන් අනතුරුව එදිනම සවස් යාමයේ පොලිසිය විසින් සරණාගතයන් පිරිස යළිත් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ උද්ඝෝෂකයන් යළිත් වරක් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සරණාගතයන් පිරිස බූස්සේ රැඳවුම් කඳවුර වෙත රැගෙන යාමට පොලිසියට සිදුවිය.

මොහු හැඳුනුම්පත් දෙකක් ලඟ තබාගෙන තවත් අපරාධ වලට හවුල් වී ඇතිදැයි සෙවීමට විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටී. මෙවැනි සිවුරු හොරු කහකඩයෝ නිසා රටේ නිර්මල බුදුදහමට හා විනයධර භික්ෂූන්වහන්සේලාටත් අගෞරවයක් නොවේද…?

RSL

Related Posts