මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට

Spread the love

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා මේ අදහස් පළ කළේය.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා යම් යම් මුදල් ගනුදෙනු පෞද්ගලික ගිණුම්වලට යවා ඇති බවත් ජනතා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අනාගතයේ දී වගකීමට සිදු වෙන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර සයිටම් සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තුරු මුළු මහත් රටම බලා සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ තැනින් තැන පුද්ගයින් හා දේශපාලඥයින් සයිටම් වෙනුවෙන් පෙනී සිටින බවත් කොළඹගේ මහතා පැවසීය.

වංචාවලින් තොර රටක් බිහි කිරීමට පැමීණි ඇණ්ඩුව අද වන විට කිසිසේත් අදාළ නොවු කරුණක් වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරමින් සිටින බවත්, රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් අද වන විට සයිටම් වෙනුවෙන් භාවිතා කරමින් සිටින බවත් කියා සිටියේය.

RSL

Related Posts